අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපති ගත් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි..!

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපති ගත් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි..!

"මෛත්‍රී-මහින්ද"හවුල ගහපු තුරුම්පු බල්දුයි..! පාර්ලිමේන්තුව වහාම කැඳවේ..! (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර…

"මෛත්‍රී-මහින්ද"හවුල ගහපු තුරුම්පු බල්දුයි..!

පාර්ලිමේන්තුව වහාම කැඳවේ..!

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපති ගත් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි..!

(සුජිත් මංගල ද සිල්වා)

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධි යැයි ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් හත් වැනිදා දක්වා අත් හිටුවමින් අද (13) ඒ සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඊට අමතරව මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සියලුම පෙත්සම් තවදුරටත් සලකා බැලීමට ද තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ අනුව පාර්ලිමේන්තුව සුපුරුදු පරිදි කැඳවීමට කතානායක කරු ජයසූරිය මහතාට හැකියාව උදාවේ.  

දෙවන දිනයටත් අද (13) පෙත්සම් සලකා බැලීම සිදු කළේ, අගවිනිසුරු නලින් පෙරේරා , ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ල හමුවේය.

මේ අතර නීතිපති ජයන්ත ජයසූරිය මහතා  මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (13) කරුණු දැක්වුවේ ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහ ජන කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන  පක්ෂ,සිවිල් සංවිධාන සහ පුද්ගලයින් විසිනි.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණනය කිරීමක් නොවන බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණට පෙන්වා දී තිබේ.

ඒ, අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ කරුණු දැක්වීම සිදු කරමිනි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිත්වු අතර හිටපු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඉදිරිපත් කළ පෙත්සම පළමුව සලකා බැලුණු අතර එහිදී ඔහු වෙනුවෙන් කරුණු දැක්වුයේ නීතිඥ එස්. කනගේෂ්වරන් මහතායි.

නීතිඥවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළ හොත් පමණක් විනා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට නොමැති බවය.

එසේ නොකොට සිය අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනමතය නොසලකා හැරීමක් බව පෙන්වා දුන් ජනාධිපති නිතිඥවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ජනතා පරමාධිපත්‍යට එල්ල කළ අතුල් පහරක් බවය.

පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තකින් තොරව වසර හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය 19 වන සංශෝධනයේ 70 (1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට අහිමි කර ඇති බවත් ඒ බව නොසලකා කටයුතු කිරීම පාර්ලිමේන්තුව පමණක් නොව සමස්ත සමාජයම අරාජික කිරිමක් බවත්  දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ එස්.කනගේෂ්වරන් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

දෙවැනි පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂිම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා ද ජනාධිපති නිතිඥ එස්.කනගේෂ්වරන් මහතාගේ කරුණු දැක්වීම අනුමත කරමින් විනිසුරු මඩුල්ල හමුවේ නීති තර්ක ඉදිරිපත් කළේය.

ජනතා විමුක්ති, පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහ ජන කොංග්‍රසය ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නියෝජනය කරමින්, රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුර්දීන්, මනෝ ගනේෂන්, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් වගේම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, නීතිඥ අරුණ ලක්සිරි, නීතිඥ ලාල් විජේනායක, නීතිඥ ජී. සී. ජේ. පෙරේරා, නීතිඥ ඉන්දික ගාල්ලගේ යන මහත්වරුන්  ඇතුළු පිරිසක් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් ගොනු කර තිබිණ.

ජාතික මැතිවරණ කොමිසමේ සමාජික රත්නජිව හූල් මහතාද පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේ ය.

මීට අමතරව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා අතරමැදි පාර්ශ්වයක් ලෙස පෙත්සමක් ඉදිරිපත් කර තිබිණ.

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපති ගත් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපති ගත් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි..! | Lanka Newsweek