අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාර්ලිමේන්තුව වහාම කැඳවීමට කතානායක ක්‍රියා කළ යුතුයි

පාර්ලිමේන්තුව වහාම කැඳවීමට කතානායක ක්‍රියා කළ යුතුයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශය බල රහිත වෙලා COVID-19 මර්දනය කරන්න රජයට සහය දෙන්න විපක්ෂය සූදානම් ▶ වීඩියෝව නරඹන්න ( සුජිත් මංගල ද සිල්වා) 2020 මාර්තු මස 02 වැනිදා ජනාධිපතිවරයා සිදු කළ…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශය බල රහිත වෙලා  

COVID-19 මර්දනය කරන්න රජයට සහය දෙන්න විපක්ෂය සූදානම් 

▶ වීඩියෝව නරඹන්න

පාර්ලිමේන්තුව වහාම කැඳවීමට කතානායක ක්‍රියා කළ යුතුයි

(

සුජිත් මංගල ද සිල්වා)

2020 මාර්තු මස 02 වැනිදා ජනාධිපතිවරයා සිදු කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප‍්‍රකාශනය මේ වන විට බල රහිත වී ඇති හෙයින් වහා පාර්ලිමේන්තුව කැඳ වන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ හිටපු සභා නායක සහ අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කර සිටියි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප‍්‍රකාශනය බල රහිත වී ඇති තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලතල කතානායකවරයාට හිමි වන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.

දැන්වීම

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප‍්‍රකාශනයේ මහ මැතිවරණය පැවැත්විය යුතු දිනය ලෙස 2020 අපේ‍්‍රල් මස 25 වැනිදා දිනය සඳහන් කොට තිබූවත්, රටේ උද්ගත වී තිබෙන COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම දිනය 2020 ජූනි මස 20 වැනි දිනය ලෙසට සංශෝධනය වීම හේතුවෙන් පැහැදිළිවම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප‍්‍රකාශනය බල රහිත වන බව හිටපු සභානායකවරයා අවධාරණය කර සිටියි. 

පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව විපක්ෂයක් ලෙස රට වෙනුවෙන් සිය යුතුකම සහ වගකීම ඉටු කිරිමට බලාපොරොත්තු වන බවත්, COVID-19 වසංගතය මැඩ පැවැත්වීමට රජට ගෙන යන වැඩ පිළිවෙළ සදඟා අවශ්‍ය වන මුදල් ප‍්‍රතිපාදන සේම ඊට අවශ්‍ය කරන නීතිරීති සම්පාදනය කිරිම සඳහාද විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බවට ද ඔහු සහතික වෙයි.
 
2018 ඔක්තෝම්බර් මස එවකට හිටපු ජනාධිපතිවරයා නීති විරෝධිව පාර්ලිමේන්තුව විසුරුවා හළ නමුත් කතානායකවරයා ඊට එරෙහිව දැඩි ස්ථාවරයක සිට නීති විරෝධි විසුරුවා හැරීම  පිළි නොගැනීම හේතුවෙන් යහ පාලන රජයම නැවත බලයේ පිහිටුවීමට එවකට ජනාධිපතිවරයාට සිදු වුණු බව ද අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාර්ලිමේන්තුව වහාම කැඳවීමට කතානායක ක්‍රියා කළ යුතුයි | Lanka Newsweek