අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාර්ලිමේන්තුව අරාජික වෙලා-කතානායක පක්ෂපාතියි

පාර්ලිමේන්තුව අරාජික වෙලා-කතානායක පක්ෂපාතියි

කතානායක නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුව නොව ආණ්ඩුවයි පාර්ලිමේන්තුවේ වර්තමාන කතානායකවරයා අතිශයින්ම පක්‍ෂග්‍රාහීයි වන අතර ඔහු ආණ්ඩුව නියෝජනය කරන කතානායකවරයෙක් බව මේ වන විට මුළු ලෝකයටම ඔප්පුවී අවසාන යැයි…

කතානායක නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුව නොව ආණ්ඩුවයි 

පාර්ලිමේන්තුව අරාජික වෙලා-කතානායක පක්ෂපාතියි

පාර්ලිමේන්තුවේ වර්තමාන කතානායකවරයා අතිශයින්ම පක්‍ෂග්‍රාහීයි වන අතර ඔහු ආණ්ඩුව නියෝජනය කරන කතානායකවරයෙක් බව මේ වන විට මුළු ලෝකයටම ඔප්පුවී අවසාන යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කර සිටියි. 

ඔහුගේ පක්‍ෂපාතිත්වය, නිරන්තරයෙන්ම සිය කඳවුර ගැන සිතමින් තීරණ ගැනීම සහ පෞරුෂත්වයක් නොමැති වීම නිසා පාර්ලමේන්තුවේ විශාල අරාජිකත්වයක් නිර්මාණයවී තිබෙන බව ද අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

දැන්වීම

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ, එම පක්ෂයේ මූලස්ථානයේ දී සඳුදා (06) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.  

"පාර්ලිමේන්තුවේ වර්තමාන කතානායකවරයා අතිශයින්ම පක්‍ෂග්‍රාහීයි. ඔහු ආණ්ඩුව නියෝජනය කරන කතානායකවරයෙක් බව ඔප්පුවී අවසානයි. ඔහුගේ පක්‍ෂපාතිත්වය, නිරන්තරයෙන්ම සිය කඳවුර ගැන සිතමින් තීරණ ගැනීම සහ පෞරුෂත්වයක් නොමැති වීම නිසා පාර්ලමේන්තුවේ විශාල අරාජිකත්වයක් නිර්මාණයවී තිබෙනවා. 

කාරක සභා අවස්ථාවේදී විවාදයක් පවත්වා ගෙන යා යුතු වන්නේ කලින් දැනුම්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් වැය ශීර්ෂයක් කපා හැරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පමණයි. එසේ නොමැති නම් එම වැය ශීර්ෂයම අහෝසි කළ යුතුයි කියා යෝජනාවක් ගෙන ආ යුතුයි. එවැනි යෝජනාවක් විපක්‍ෂයෙන් ගෙන ඒම ස්ථාවර නියෝග අනුව පිළි ගෙන තිබෙනවා. එවැනි යෝජනාවක් ගෙන නොඑන්නේ නම් කාරකක සභා අවස්ථාවේදී  විවාදයක් පැවැත් වෙන්නේ නැහැ. එම වැය ශීර්ෂය විවාදයකින් තොරවම සම්මත වෙනවා. එවැනි යෝජනාවක් නොමැතිව ස්ථාවර නියෝග කඩ කරමින්, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ මන්ත්‍රීවරුන්ගේ අයිතීන් කිසිවක් නොසළකා කටයුතු කරමින් සිටිනවා. ඔහු මුළුමනින්ම පෙනී සිටින්නේ සිය කඳවුරේ ආරක්‍ෂාව වෙනුවෙන් පමණයි. 

ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම බරපතළ වියරුවකට පත්වී තිබෙනවා. සෑම පැත්තෙන්ම ආණ්ඩුව අසාර්ථකභාවයට පත් වන විට ද, ආණ්ඩුවේ වංචා-දූෂණ ජනතාවට හෙළිදරව් වන විට ද, පොහොර ප්‍රශ්නය පාර්ලිමෙන්තුවේ ඉදිරිපත් කරන විට ද, ගෑස් අර්බුදය සහ භාණ්ඩ මිල ඉහළ යාම වැනි ප්‍රශ්න ඉදිරිපත් කරන විට ද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වියරුවෙන් මඩ ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී තිබෙනවා. 

ආණ්ඩුව සංයමයකින් යුතුව අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ නැති නම් පාර්ලිමේන්තුව තවදුරටත් පලක් නැති තත්ත්වයට පත්වීම වළක්වන්න බැහැ. කතා නායකවරයා වහාම ස්වාධීනත්වයට ආ යුතුයි. සියලු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය සහ අයිතීන් ආරක්‍ෂා කිරීමට කතානායකවරයා කටයුතු කළ යුතුයි. එසේ නොකරන්නේ නම් පාර්ලිමේන්තුවේ පැවැත්ම සහ මන්ත්‍රීවරුන්ගේ අයිතීන් විශාල තර්ජනයකට ලක් වෙන්වා. ඒ නිසා කතානායකවරයා වහාම සියලු මන්ත්‍රීවරුන්ගේ අයිතීන් ආරක්‍ ෂාකරන භූමිකාවට පණ පොවන්න ඕනෑ. පක්‍ෂග්‍රාහීව ක්‍රියා කරන එක වහාම නතර කළ යුතුයි කියලා අප බල කරනවා."
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
පාර්ලිමේන්තුව අරාජික වෙලා-කතානායක පක්ෂපාතියි | Lanka Newsweek