අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පාර්ලිමේන්තුවේ 113ක බහුතරය දිවුරුම් ප්‍රකාශ මඟින් ඔප්පු කිරීමට එජාපය සුදානම් ..!

පාර්ලිමේන්තුවේ 113ක බහුතරය දිවුරුම් ප්‍රකාශ මඟින් ඔප්පු කිරීමට එජාපය සුදානම් ..!

ජනපතිගේ අභියෝගය එජාපය භාර ගනී..! (සුජිත් මංගල ද සිල්වා) රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස යළි පත් කිරීමට නම් පාර්ලිමේන්තුවේ ඔහුට තිබිය යුතු මන්ත්‍රී 113ක බහුතරය දිවුරුම් ප්‍රකාශ මඟින්…

ජනපතිගේ අභියෝගය එජාපය භාර ගනී..!

පාර්ලිමේන්තුවේ 113ක බහුතරය දිවුරුම් ප්‍රකාශ මඟින් ඔප්පු කිරීමට එජාපය සුදානම් ..!

(සුජිත් මංගල ද සිල්වා)

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස යළි පත් කිරීමට නම් පාර්ලිමේන්තුවේ ඔහුට තිබිය යුතු මන්ත්‍රී 113ක බහුතරය දිවුරුම් ප්‍රකාශ මඟින් ඉදිරිපත් කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ කතානායක කරු ජයසුරිය මහතා හෝ  සියලු දෙනාට පොදුවේ පිළිගත හැකි නායකයෙක්  ඉදිරිපත්  කරනවා නම් ඔහුට අගමැති ධුරය ලබා දීමට තමා සුදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවිධ පාර්ශවයන් ඔස්සේ එක්සත් ජාතික පක්ෂය වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා සන්ධානයේ ස්ථාවරය වී තිබෙන්නේ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාස භංගයට මන්ත්‍රීවරුන් 22ක්  සහය පල කලත්  තනි පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් නොමැති බවය.

මේ සම්බන්ධයෙන් "lankanewsweek" එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකුගෙන් කළ  විමසීමකදී ඔහු සඳහන් කළේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ හිමි 113ක බහුතරය දිවුරුම් ප්‍රකාශ මඟින් ඉදිරිපත් කිරීමට සිය පක්ෂය සුදානම් බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පාර්ලිමේන්තුවේ 113ක බහුතරය දිවුරුම් ප්‍රකාශ මඟින් ඔප්පු කිරීමට එජාපය සුදානම් ..! | Lanka Newsweek