පාර්ලිමේන්තුවේ ගැටුම්කාරී ලෙස හැසිරුණු මන්ත්‍රීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ ක්‍රියා කරනු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රාජ්‍ය දේපොළ විනාශ කිරීමට වරප්‍රසාද පනතින් ඉඩ නැහැ..! කතානායක ප්‍රධාන පාර්ලිමේන්තු බලධාරීන් වහාම පියවර ගත යුතුයි..! (සුජිත් මංගල ද සිල්වා) ආරක්ෂක නිලධාරීන්ට පහර දෙමින් සහ රාජ්‍ය දේපොළ විනාශ කරමින්…
රාජ්‍ය දේපොළ විනාශ කිරීමට වරප්‍රසාද පනතින් ඉඩ නැහැ..!
කතානායක ප්‍රධාන පාර්ලිමේන්තු බලධාරීන් වහාම පියවර ගත යුතුයි..!
(සුජිත් මංගල ද සිල්වා)
ආරක්ෂක නිලධාරීන්ට පහර දෙමින් සහ රාජ්‍ය දේපොළ විනාශ කරමින් පාර්ලිමේන්තුවේ කුරිරු ලෙස හැසිරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරහිව රටේ අපරාධ නීතිය යටතේ පියවර ගන්න යැයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ සංවිධානය කතානායක කරු ජයසූරිය මහතා ප්‍රධාන පාර්ලිමේන්තු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
මෙලෙස හැසිරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව රටේ අපරාධ නීතිය යටතේ ක්‍රියා කිරීමට පාර්ලිමේන්තු බලතල පිළිබඳ වරප්‍රසාද පනතින් කිසිදු බාධාවක් නොමැති බව පෙන්වා දුන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ සංවිධානයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක මහතා ඒ බව පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 31 වැනි වගන්තියේ පැහැදිළිව සඳහන් වන බව ද අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය සිතා ගෙන සිටින්නේ සිය මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වී මේ ආකාරයේ අපරාධ සිදු කර නිදැල්ලේ සිටිය හැකි යැයි කියා බව පෙන්වා දුන් ලාල් විජේනායක මහතා එමගින් පැහැදිළි වන්නේ ජනතාව පාර්ලිමේන්තුවට පත් කර යවා තිබෙන මන්ත්‍රීවරුන්ගේ තත්ත්වය යැයි ද සඳහන් කළේය.
කතානායකවරයාගේ පුටුව ඇතුළු පාර්ලිමේන්තුවේ පුටු මේස සහ මයික්‍රෆෝන ආදී රාජ්‍ය දේපොළ විනාශ කිරීමේ වරදට මේ මන්ත්‍රීවරුන් ඇප නොමැතිව රිමන්ඩ් බන්ධනාගාර කළ හැකි බව ද ඔහු කියා සිටියේය.
මේ අපරාධවලට සම්බන්ධ මන්ත්‍රීවරුන් වීඩියෝ දර්ශන මගින් පැහැදිළිව හඳුනා ගත හැකි නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය,ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීම සඳහා එම මන්ත්‍රීවරුන්ට එරහිව රටේ අපරාධ නීතිය යටතේ වහාම ක්‍රියා කරන ලෙස කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු බලධාරීන්ගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටින බව ද නීතීඥ ලාල් විජේනායක මහතා පැවසීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

