පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය විනාශ කරන්න කවුරුන් කුමන්ත්‍රණය කළත් ඊට එරෙහිව ක්‍රියා කරනවා

- විපක්ෂ නායක අවධාරණය කරයි - මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට පෙර නොමැති කොන්දේසි සේම පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රයේ නියැලී ගුරුවරුන් ලෙස කටයුතු කරන…
- විපක්ෂ නායක අවධාරණය කරයි -
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට පෙර නොමැති කොන්දේසි සේම පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රයේ නියැලී ගුරුවරුන් ලෙස කටයුතු කරන පුද්ගලයන්ට වයස් සීමා දමා මේ ක්ෂේත්රය විනාශ කරන්න රජය උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාරම්පරික වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව සමග කරන සාකච්ඡාව අතරතුරදීය.
පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය දුදරුවන්ට ඉගැන්වීමේත් සීමා දමා වෛද්‍ය සිසුන් පුහුණු වීමේ කාලය සම්බන්ධ කාලසීමා පනවා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය විනාශ මුඛය කරා ගෙන යන තත්ත්වයක් මතුව ඇති බවත් පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය යන්න මහපොළොවේ යථාර්ථයක් නිසා මේ ක්ෂේත්රය ප්‍රගුණ කිරීමට ලබා දිය හැකි සහාය හා ශක්තිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය, හෙල වෙදකම යනු රටට අවශ්‍ය ක්ෂේත්‍ර බැවින් මේ සියලු දෙනාම එකට එකතු වී අපේ දේශීයත්වය සුරක්ෂා කර පාරම්පරික හෙල වෙදකම තුළින් රෝගීන් දශලක්ෂ ගණනින් නිරෝගී කළ නිසා මේ දැනුම ක්‍රියාදාමයන් ආරක්ෂා කරමින් මේ දැනුම හැකියාව හා දක්ෂතාව ඊළග පරම්පරාවට ද ගෙන යා යුතු බවත් හෙල වෙදකම, පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය සුරක්ෂා කරන්න අවශ්‍ය නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.