ප්‍රේමලාල් ජයසේකර ශ්‍රීලනිපයට?

(රංජිත් ගුණවර්ධන) ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තීරණය කොට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ප්‍රේමලාල්…
(රංජිත් ගුණවර්ධන)
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තීරණය කොට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා 2015 ජනාධිපතිවරණ සමයේදී සිදුවූ ඝාතනයකට අදාළව සැකපිට මාස ගණනාවක් බන්ධනගාරගතව සිටි අතර ඇප මත නිදහස ලබා ගැනීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරකම්වලට ඍජුවම සහභාගී නොවී පසුගිය කාලය පුර නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියේය .
දැන්වීම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවීම සදහා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා කම්කරු අමාත්‍ය ඩබ් . ඩි .ජේ . සෙනවිරත්න මහතා සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසීමට කිහිපවරක්ම ගොස් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී නාම යෝජනා භාරදීමේ අවසන් දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට නියමිත බවද වාර්තා වේ.