ප්‍රසන්න රණතුංගගේ පාක්ෂික සහය ජනපතිට

ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව ගැන තීරණය කිරීම සඳහා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ දී විමසූ රහස් ඡන්ද ප්‍රතිඵලය තමා වෙත ලැබී ඇති අතර එම දේශපාලන මණ්ඩල සභිකයන්ගෙන් අති බහුතරයක්ම පවසා ඇත්තේ මේ මොහොතේ…
ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව ගැන තීරණය කිරීම සඳහා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ දී විමසූ රහස් ඡන්ද ප්‍රතිඵලය තමා වෙත ලැබී ඇති අතර එම දේශපාලන මණ්ඩල සභිකයන්ගෙන් අති බහුතරයක්ම පවසා ඇත්තේ මේ මොහොතේ වත්මන් ජනාධිපතිවරයා සමඟ වැඩ කළ යුතු බව යැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම 'අලියාගේ පිට උඩ" නැගීමක් නොවන බවත් එලෙස සහය පළ කිරීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර යාමක් නොවන බවත් අමාත්‍යවරයා කීය.
ඉදිරි දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා තමා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ රහස් ඡන්දයක් පැවැත් වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර යාමට නොවන බව අවධාරණය කර සිටින ප්‍රසන්න රණතුංග මහතා සිය හෘදය සාක්ෂියට එකඟව හැමවිටම නිවැරැදි දේශපාලන තීන්දු ගත් තමා ජනමතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය දේශපාලන තීන්දුව ගැනීමට කිසිවිටෙකත් නොපැකිලෙන බව ද සඳහන් කළේය.
දැන්වීම
තමා පිළිබඳ මෙතෙක් විශ්වාසය තැබූ ජනතාව කිසිසේත් පාවා නොදෙන බව කියා සිටින ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාගේ කකුලෙන් නොඇඳ ඔහු ගෙන යන වැඩ පිළිවෙළට සහාය පළ කළ යුතු බව මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩලයේ ස්ථාවරය බව සද පැවැසීය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන මතය ආරක්ෂා කිරීම සඳහා මේ මොහොතේ ගත හැකි සහ ගත යුතු හොඳම තීරණය වන්නේ මෙලෙස ජනාධිපතිවරයාට සහය පළ කිරීම බව පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග මහතා තමා ගම්පහ ජනතාව පාවා දීමට සූදානම් නැති අතර තමා කෙරෙහි ඔවුන් තැබූ විශ්වාසය අබමල් රේණුවකින් හෝ බිඳ දැමීමටද සූදානම් නැතැයිද කෙසේ වෙතත් ජන මතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී නොපැකිලව අවශ්‍ය දේශපාලන තීන්දුව ගැනීමට තමා සුදානම් බවද අවධාරණය කළේය.