අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්‍රධාන ප්‍රශ්න තුනක් රැගෙන කරු මහා නායක හිමිවරුන් බැහැදකියි

ප්‍රධාන ප්‍රශ්න තුනක් රැගෙන කරු මහා නායක හිමිවරුන් බැහැදකියි

මහා නායක මාහිමිපාණන් වහන්සේලාගෙන් ආශිර්වාදාත්මක මඟ පෙන්වීමක්..! රටේ අනාගතයට අදාළව අත්‍යාවශ්‍යයෙන් ම මැදිහත් වී විසදා ගත යුතුව ඇති ප්‍රධාන ප්‍රශ්න තුනක් කෙරෙහි අවධානය යොමු කරමින් සාධාරණ සමාජයෙක් සඳහා…

මහා නායක මාහිමිපාණන් වහන්සේලාගෙන් ආශිර්වාදාත්මක මඟ පෙන්වීමක්..! 


රටේ අනාගතයට අදාළව අත්‍යාවශ්‍යයෙන් ම මැදිහත් වී විසදා ගත යුතුව ඇති ප්‍රධාන ප්‍රශ්න තුනක් කෙරෙහි අවධානය යොමු කරමින් සාධාරණ සමාජයෙක් සඳහා වන ජාතික ව්‍යාපාරය, අති පූජ්‍ය මහා නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ  මහා සංඝ රත්නය සමඟ සිදු කරන අදහස් හුවමාරු කර ගැනීමේ තවත් එක් අවස්ථාවක් 2024.01. 02 වැනිදා මහනුවරදි සිදු විය. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ පුමුඛතම අධිෂ්ඨානයක් වන රටේ බලාත්මක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනිම සඳහා වන ක්‍රියාදාමය සහ ජාතික සේම ආගමික සංහිඳියාව කෙරෙහි දැක්වීය යුතුව ඇති අවධානයත් බෞද්ධ සාරධර්මලට පටහැනිව ක්‍රියා කරන ඇතැම් චීවරධාරි චරිතවලට එරෙහිව ක්‍රියා කිරිම සඳහා නිකාය කතිකාවත යොදා ගත හැකි ආකාරය පදනම් කර ගනිමින් මෙම අදහස් හුවමාරු කර ගැනීම් සිදු කරන ලදි. 

මෙවර එම අවස්ථාව උදා කර ගනු ලැබුවේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා සෑම වසරක ආරම්භයේදීම චාරිත්‍රයක් වශයෙන් සිදු කරන අති පූජ්‍ය මහා නායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නය බැහැදැකීම සඳහා යොදා ගන්නා අවස්ථාව මුල් කර ගෙනය. 

දැන්වීම

ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය සහ මහ ලේකම් සුනිල් ජයසේකර යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් 2024.01.02 වැනිදා මහනුවර බලා ගොස් මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහා නායක සහ අනු නායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නය මුණගැසි ආශිර්වාද ලබා ගනිමින් අද වන විට රට මුහුණ දෙමින් සිටින අභියෝග පිළිබඳවද අවධානයක් යොමු කිරිමට අවස්ථාවක් කර ගනු ලැබීය. 

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල මා හිමිපාණන්, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පුජ්‍ය වරකාගොඩ ඥානරතන මාහිමිපාණන් සේම ප්‍රධානව මල්වතු පාර්ශ්වයේ අනුනායකවරුන් වන පූජ්‍ය නියංගොඩ විජිතසිරි සහ පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම යන හිමිපාණන් වහන්සේලා ද, අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි මැඳගම ධම්මදස්සි මාහිමිලාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ආනමඩුවේ ධම්මදස්සි හිමිපාණන් වහන්සේ ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක කැප්පිටියාගොඩ සිරිවිමල හිමිපාණන් වහන්සේ ද එමෙන් ම කුණ්ඩසාලේ  කෙංගල්ල බෞද්ධ මධ්‍යස්ථානාධිපති තල්පොත ධම්මජෝති හිමිපාණන් වහන්සේ ද සමඟ එහිදි දේශබන්දු කරු ජයසුරිය මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදි. 

ප්‍රධාන ප්‍රශ්න තුනක් රැගෙන කරු මහා නායක හිමිවරුන් බැහැදකියි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ප්‍රධාන ප්‍රශ්න තුනක් රැගෙන කරු මහා නායක හිමිවරුන් බැහැදකියි | Lanka Newsweek