ප්‍රදේශ රැසක වැසි තවදුරටත්..!

(හේමන්ත තුසිත කුමාර) දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය තව දුරටත් පැවතිය හැකි අතර ඉදිරියේදීත් වැසි අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පවසන පරිදි…
(හේමන්ත තුසිත කුමාර)
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය තව දුරටත් පැවතිය හැකි අතර ඉදිරියේදීත් වැසි අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පවසන පරිදි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
අධික වර්ෂාවත් සමග ජලාශ කිහිපයක වාන් දොටු විවෘත කර ඇති අතර මහනුවර හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ඇඳහැළුණු වර්ෂාව නිසා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු තුනක් විවෘත කර ඇතමධ්‍යම කඳුකරයට තවදුරටත් තද වැසි ඇද හැලීම හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇත.