අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

(නිලන්ති චන්ද්‍රසේන) අද (01) රාත්‍රී 7.00 සිට පැය 12ක් පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මෙසේ ජල සැපයුම අත් හිටුවන්නේ පෑලියගොඩ, කැලණිය,…

(නිලන්ති චන්ද්‍රසේන)

අද (01) රාත්‍රී 7.00 සිට පැය 12ක් පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙසේ ජල සැපයුම අත් හිටුවන්නේ පෑලියගොඩ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ, කටුනායක, සීදුව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට බව ජාල සම්පාදන මණ්ඩලය පවසයි.

ඊට අමතරව ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

මෙසේ ජල සැපයුම අත් හිටවනු ලබන්නේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි | Lanka Newsweek