අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්‍රජා ශක්ති මුවාවෙන් රට පුරා ගෙන යන ජවිපෙ ඒකාධිපතිත්වය වහා නතර කරනු - විපක්ෂ නායක

ප්‍රජා ශක්ති මුවාවෙන් රට පුරා ගෙන යන ජවිපෙ ඒකාධිපතිත්වය වහා නතර කරනු - විපක්ෂ නායක

වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය ප්‍රජාශක්ති නම් වැඩසටහනක් නිර්මාණය කර රටේ ගම් නගර දියුණු කිරීමේ දුප්පත්කම තුරන් කිරීමේ දැවැනත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පෙන්වා දෙන නමුත් මෙහි අන්තර්ගතය දෙස බලන විට…

වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය ප්‍රජාශක්ති නම් වැඩසටහනක් නිර්මාණය කර රටේ ගම් නගර දියුණු කිරීමේ දුප්පත්කම තුරන් කිරීමේ දැවැනත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පෙන්වා දෙන නමුත් මෙහි අන්තර්ගතය දෙස බලන විට දුප්පත්කම තුරන් කිරිමට වෙන් කළ මුදල ප්‍රමාණවත් නොවීමත් ඊටත් වඩා වැඩි මුදලක් ජනතාවගේ කර පිට බදු බර පටවා බදු ආදායම තුළින් රටේ ජනතාව හිංසනයට අසහනයට පීඩනයට ලක් කර ඇති බවත් මෙවැනි තත්ත්වයක් උඩ ප්‍රජා ශක්ති නමින් ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුව හා එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට හේතුව වූයේ රජය විසින් දිළිදුකම පිටුදැකීම වෙනුවෙන් යැයි කියමින් හඳුන්වා දුන් ප්‍රජා ශක්ති වැඩසටහන හරහා ජවිපේ මතවාදය බෙදාහැරීමට කටයුතු කිරීම ගැන දැනුවත් කිරිමටය.

මහජන නියෝජිතයන්ට ලැබිය යුතු වටිනාකම සහ ඔවුන්ගේ කාර්ය හරියාකාරව ඉටු කිරීම වළක්වාලමින් බාධා පමුණුවමින් ජවිපේ බිම්මට්ටමේ කාඩරයට මේ ප්‍රජාශක්ති සංවිධානවලට බහුතර බලය ලබා දෙමින් ක්‍රියාත්මක කරන බවත් මෙහි දී ක්‍රියාත්මක වන්නේ සමාජ සුබසාධන සංවර්ධන ව්‍යාපාරයක් නොව බිම්මට්ටම ජවිපේ දේශපාලනය‌ට ලක් කර පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ ග්‍රහණයට රටේ ග්‍රාමසේවා වසම් ලක් කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

යෞවන සමාජයේ සිට සිවිල් ආරක්ෂක කමිටුවේ සිට අනෙකුත් ලියාපදිංචි නිත්‍යානුකූල බිම් මට්ටමේ සංවිධාන සියල්ලකගේම තනි බලය තනි අතට ලබා ගැනීමේ මේ ඒකාධිපති ක්‍රියාවලිය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කරන බවත් ළගදීම කුලගණ සමිතියේ සංයුතිය පවා ජවිපේ තීන්දු කරන තැනට පත් වන බවත් පැහැදිලිවම අද මේ ක්‍රියාත්මක කරන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් සහ එය යථාර්ථයක් බවට පත් කරන රාජ්‍ය වැඩපිළිවෙළක් බවත් මෙය තරයේ හෙලා දකිනවා සේම ප්‍රතික්ෂේප කරන බවත් ජනතා විරෝධී වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකර ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩකඩ අහුරන්න ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ඒකාධිපතීත්වය බැහැර කර මේ ප්‍රජා ශක්ති වැඩසටහන සියලුම ජාති ආගම් පන්ති පක්ෂ භේද නොසලකා ප්‍රජාව සවිබල ගන්වන වැඩසටහනක් බවට පත් කරන ලෙසත් මේ ඒකාධිපතිවාදය පරාජය කරන්න විපක්ෂය එකට එකතු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න