ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට අනුව අභියෝගය ජය ගමු

රට වෙනුවෙන් සියලු දෙනා එකට එක් විය යුතුයි රටේ උද්ගතව තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය සහ රට මුහුණ දී සිටින අභියෝග ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට අනුගතව සාමකාමීව ජය ගැනීමට සියලු පාර්ශව පෙළ ගැසිය යුතු…
රට වෙනුවෙන් සියලු දෙනා එකට එක් විය යුතුයි
රටේ උද්ගතව තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය සහ රට මුහුණ දී සිටින අභියෝග ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට අනුගතව සාමකාමීව ජය ගැනීමට සියලු පාර්ශව පෙළ ගැසිය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
අප මාතෘ භූමිය අද වන විට මුහුණ දෙමින් සිටින දේශපාලන සහ ආර්ථික අර්බුදය හැකි ඉක්මනින් අවසන් කරලීම සදහා සබුද්ධිකව මැදිහත් වීම සමස්ත දේශපාලන බලවේගයන්හි සේම පුරවැසි සමාජයේ ද ප්‍රමුඛ වගකීම වී තිබේ.
එහිදී රටේ ජනතාව අපේක්ෂා කරන මූලික දේශපාලන ප්‍රතිසංස්කරණ නොපමාව ක්‍රියාත්මක කරලීම උදෙසා පාර්ලිමේන්තුවට බලවත් වගකීමක් පැවරෙන අතර එම ක්‍රියා මාර්ග ජනතාවගේ විශ්වාසයට හේතු වන පරිදි ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍යය. එමෙන්ම එහිදී පුරවැසියන් ලෙස ඉතාමත් සාමකාමීව සහ අධිශ්ඨානශීලීව පෙනීසිටීම ද ඉතා වැදගත්ය.
එබෑවින් ජාතියේ නාමයෙන් අප සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට අනුගතව ඉතාමත් සාමකාමීව කටයුතු කරන ලෙසටය. එමෙන්ම රජයේ වග කිව යුතු සියලුම පාර්ශව ජනතාවගේ හඬට මැනවින් කන්දීම අත්‍යවශ්‍ය වන අතර ඒ අනුව ජනතා අභිලාශයන් නොපමාව සපුරාලීමට කටයුතු කරන ලෙස ඉතාමත් ඕනෑකමින් යුතුව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නෙමු.