ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ගැන නොදන්නා ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා
-විපක්ෂ නායක චෝදනා කරයි-

ප්‍රජාතන්ත්‍රවාදයේ විශේෂිත වූ ගුණාංග ගැන අවම සාක්ෂරතා ඇති අය පවා ප්‍රධාන කුළුණු 3 තුළ බලය බෙදී යාම සහ සංවරණ හා තුළන ක්‍රියාවලිය ප්‍රධාන කොටස් ලෙස දන්නා බවත් නමුත් මේ වන විට වත්මන් රජය තමන්ගේ දේශපාලන ගමනේ ඒකායන අරමුණ ලෙස මේ කුළුණු 3 අතර ඇති බලය බෙදීයාම, මේ කුළුණු 3 එකිනෙකාව සංවරණ හා තුළනවලට යොමු කොට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පවා ආරක්ෂා කිරීම සහමුලින්ම විනාශ කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට රජය 22 වැනි සංශෝධනයේ වරදක් නැති බව පෙන්නුවත් ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න වසර 2කට වැඩි කාලයක් අදහස් හුවමාරුව හා සංවාදයක් පක්ෂ හා පාර්ශ්වකරුවන් සමඟ සිදු කරන සාකච්ඡා තුළින් පොදු එකගතාවකට යොමුවී මේ විශ්‍රාම වයස වැඩි කිරීම එක්සත් රාජධානිය සිදු කළත් අප රටේ එවැනි අදහස් හුවමාරු කරන ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක නියැලෙන එකමුතුභාවයෙන් යුක්තව යෝජනා ඉදිරිපත් කර හා ප්‍රතික්ෂේප කර සාමුහික ක්‍රියාවලි සිදු නොවු බවත් වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද හා ක්‍රමෝපාය හුරුපුරුදු නැති බවත් කෙසේ හෝ බලය ලබා ගැනීමට සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහමුළින්ම සමූළ ඝාතනයට ලක් කරන්න රජය දරන උත්සාහය පරාජය කිරීම සියලු දෙනාගේම යුතුකම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැන්වීම
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි නීතිඥ සංගමයේ සාමාජිකයන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවකදීය.
එම නිසා ලක්ෂ 220ක් ජනතාව එකට එකතු විය යුතු බවත් ජාති ආගම් කුලමල පන්ති පක්ෂ මතිමතාන්තර භේදයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදය බිම්මට්ටමේ සිට සුරැකිය යුතු බවත් විධායකයේ වගකීම හා වගවීම තහවුරු කරන්න ලක්ෂ 220 එකට එකතු කරන ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩප කුඩා ගම් මට්ටමින් වසම් මට්ටමින් දිස්ත්‍රික් පළාත් ජාතික මට්ටමින් ස්ථාපිත කළ යුතු බවත් මේ තුළින් ජනතා නායකත්වයෙන් පොදුජන සෛරීත්වය ජයග්‍රහණය කරවීමට විපක්ෂයේ සියලු කණ්ඩායම්වලට නායකත්වය ලබා දෙන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි නීතිඥ සම්මේලනය තුළින් නොමිලේ නීති උපදෙස් ලබා දීම නොමිලේ නීති ජංගම සේවා නීති සායන සේවා ආරම්භ කරන්න සැලසුම් කර ඇති බවත් මේ තුළ රටේ ජනතාවගේ යහපත උදෙසා ඒ අයගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න වැඩපිළිවෙළක් නිර්මාණය කරන බවත් උත්තරීතර නීතියේ ඇති මූලික හා මානව අයිතිය දේශපාලන හා සිවිල් අයිතිවාසිකම්වලට සීමා නොකර සමාජ ආර්ථික ආගමික ඇතුළු සියලු අයිතිය මූලික අයිතිවාසිකම් බවට පරිවර්තනය විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන ග්‍රාමීය නාගරික මණ්ඩපවල සාමාජිකත්වය ලබා ගෙන ලක්ෂ 220ම තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුවත් කර දැනුවත් ජන සමාජයක් බිහි කිරිමට කටයුතු කළ යුතු බවත් කවුරු කුමන බාධක දැමුවත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ගමන පරාජය කළ යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ශක්තිමත් කරවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.