අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්‍රජාතන්ත්‍රවාදයේ පියෙකු යනු සිහිනයක් නොවේ

ප්‍රජාතන්ත්‍රවාදයේ පියෙකු යනු සිහිනයක් නොවේ

රටේ පාලනයට පිරිසිදු පුද්ගලයෙකු තෝරා ගැනීම අනාගත ආයෝජනයකි (දේශප්‍රිය නානායක්කාර) "සියලු දනන්හට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ හැකි ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදයේ පියෙකු යනු සිහිනයක් නොවේ."…

රටේ පාලනයට පිරිසිදු පුද්ගලයෙකු තෝරා ගැනීම අනාගත ආයෝජනයකි 

ප්‍රජාතන්ත්‍රවාදයේ පියෙකු යනු සිහිනයක් නොවේ

(දේශප්‍රිය නානායක්කාර)

"සියලු දනන්හට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ හැකි ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදයේ පියෙකු යනු සිහිනයක් නොවේ."  "ක්ලෙයිස්ටනිස්" (Cleisthenes) යනු ඇතැන්ස් පුරවැසි රැස්වීමේ බලය වැඩි කිරීමේ සහ ඇතන්ස් දේශපාලනය කෙරෙහි වංශවතුන්ගේ බලය අඩු කිරීමේ ගෞරවය ද හිමි වූ අද්විතීය ප්‍රජාතන්ත්‍රවාදීයෙකි.

ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ඉතිහාසයේ "ඇතන්ස් හි ප්‍රජාතන්ත්‍රවාදයේ පියා" යනුවෙන් ඔහු ඇගයීමට ලක් වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය ඇති වී ඇත්තේ "ජනතාව විසින් පාලනය කිරීම" "Rule by the People" යන අරුත ඇති ග්‍රීක වචනය වන (Greek word Demokratia) ඩිමොක්‍රැටියාවෙනි. ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදයට පදනම් වූ එක් විශ්වාසයක් නම් "නීතිය ඉදිරියේ සමානාත්මතාවය" සහ "දේශපාලන අයිතිවාසිකම්වල සමානාත්මතාවය" යන අර්ථය ඇති (Isonomia) "අයිසොනෝමියා" යන යෙදුමයි.

"ප්‍රජාතන්ත්‍රවාදය" යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ජන බලය" යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රීය මූලධර්මය නම් හවුල් තීරණ ගැනීමේ බලය පිළිබඳ සංකල්පයයි. ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසිභාවය යනු දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයක සාමාජිකත්වය යි. ප්‍රජාතන්ත්‍රවාදී සාමාජිකත්‍වය සඳහා වූ ඒකකය ජාතික රාජ්‍යයක් විය යුතුම නැත.

දැන්වීම

ගෝලීයකරණය වූ ලෝකයක වැඩි වැඩියෙන් පොදු වන ද්විත්ව, බාහිර සහ අන්තර්ජාතික පුරවැසිභාවයන් තිබිය හැකි නමුත් ජාතියේ වටිනාකම් ආරක්ෂා කර සුරක්ෂිත කිරීම පිළිබද රාජ්‍ය භාවිතය ජාතික වාදී විය යුතුය. සාමාන්‍යයෙන් පුරවැසියන්ගේ සහභාගීත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකේ.

පුරවැසියන්ගේ සහභාගීත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මක භාවයට ධනාත්මක ලෙස බලපාන බව බොහෝ න්‍යායාචාර්යවරු විසින් දක්වා ඇත. ජන සමාජයේත්, සත්ව සංහතියේ සහ ශාක සංහතියේත්, පුර්ණ රැකවරණය වෙනුවෙන් රටේ පාලනයට සමානාත්මතාවයේ (අයිසොනෝමියා) හොඳම නමක් ඇති පුද්ගලයෙකු තෝරා ගැනීම අනාගතයට ආයෝජනයකි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න