අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්ලීස් එපා කියල අනුර කිව්වත් - විපක්ෂ නායක ජනතාව වෙනුවෙන් දිගටම වැඩ

ප්ලීස් එපා කියල අනුර කිව්වත් - විපක්ෂ නායක ජනතාව වෙනුවෙන් දිගටම වැඩ

ලෝක බැංකුව,ආසියානු සංවර්ධන බැංකුවෙන් පසු එක්සත් ජාතීන්ගේ මෙරට සම්බන්ධීකාරක හමුවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක Mark Andre Franche මහතා අතර…

ලෝක බැංකුව,ආසියානු සංවර්ධන බැංකුවෙන් පසු එක්සත් ජාතීන්ගේ මෙරට සම්බන්ධීකාරක හමුවෙයි 


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක Mark Andre Franche මහතා අතර සුවිශේෂ හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ගංවතුර සහ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල විදේශීය රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයන් ප්‍රධානීන් හමුවිය. එහි එක් පියවරක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවසික සම්බන්ධීකාරක Mark Andre Franche මහතා හමු විය.

මෙම හමුවීමේ දී දෙපාර්ශ්වය අත වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වූ අතර එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පවතින පශ්චාත් ආපදා තත්ත්වය නිසා රට තුළ ඇතිව තිබෙන ගැටලු රැසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක Mark Andre Franche හමුවේ පෙන්වා දුන්නේය. මෙකී ගැටලු විසඳා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කළ හැකි උපරිම උපකාර සිදු කරන ලෙසත් මෙතෙක් කාලයක් රට වෙනුවෙන් දුන් සහයෝගයට ලක්ෂ 220 ජනතාව වෙනුවෙන් සිය ස්තූතිය සහ ගෞරවය පුදකර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න