ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණයට විසඳුම

(හේමන්ත තුසිත කුමාර) ඔස්ට්‍රියාවේ පර්යේෂකයන් විසින් ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගැටලුවට නොසිතූ විසඳුමක් සොයාගෙන ඇත වියානාහි ස්වාභාවික සම්පත් හා ජීව විද්‍යා විශ්ව විද්‍යාලයේ (BOKU), ඔස්ට්‍රියානු කාර්මික…
(හේමන්ත තුසිත කුමාර)
ඔස්ට්‍රියාවේ පර්යේෂකයන් විසින් ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගැටලුවට නොසිතූ විසඳුමක් සොයාගෙන ඇත
වියානාහි ස්වාභාවික සම්පත් හා ජීව විද්‍යා විශ්ව විද්‍යාලයේ (BOKU), ඔස්ට්‍රියානු කාර්මික ජෛව තාක්‍ෂණ මධ්‍යස්ථානය සහ ඉන්ස්බර්ක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ සොයා ගෙන ඇත්තේ එළදෙනුන්ගේ උදරයේ ඇති ක්ෂුද්‍ර ජීවීන් මගින් සාමාන්‍ය ප්ලාස්ටික් බිඳ දැමිය හැකි බවත්ය.

රුමේන් කොටස තුළ ඇති ක්ෂුද්‍ර ජීවීන් හා එන්සයිම මගින් ප්ලාස්ටික් බෑග්, බෝතල්, රෙදිපිළි සහ ආහාර ඇසුරුම් සඳහා බහුලව භාවිතා වන ප්ලාස්ටික් බිඳ දැමිය හැකිය. ඔස්ට්‍රියාවේ ඇල්පයින් ගවයින් මිය ගිය ස්ථානයකින් ලබාගත් rumen සාම්පල සොයා බලා සිකුරාදා ෆ්‍රොන්ටියර්ස් නම් විද්‍යාත්මක සඟරාව මෙම අධ්‍යයනය වාර්තාව ප්‍රකාශයට පත් කරන ලදී.
දැන්වීම
පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (පොදුවේ PET ලෙස හැඳින්වේ), පොලිබියුටිලීන් ඇඩිපේට් ටෙරෙෆ්තලේට් (පීබීඒටී) සහ පොලිඑතිලීන් ෆුරානෝට් (පීඊඑෆ්) යන ප්ලාස්ටික් වර්ග තුනකට rumen හිදී බලපෑම පර්යේෂකයන් විසින් පරීක්ෂා කරන ලදී.
BOKU හි මහාචාර්ය ජෝර්ජ් ගොබිට්ස් පවසා ඇත්තේ rumen කොටසේදී “පැය කිහිපයකින්” ප්ලාස්ටික් බිඳ දැමිය හැකි බවත්, එය වැඩි වේලාවක් ආමාශයේ තිබුණු විට සමහර ප්ලාස්ටික් සම්පූර්ණයෙන්ම බිඳ දැමිය හැකි බවත්ය. මීට හේතුව, ඇපල් පොතු සහ බෙරි ඇතුළු ශාකවල දක්නට ලැබෙන ඉටි වැනි දිරාපත් නොවන ද්‍රව්‍ය දිරාපත් වන ආකාරයෙන් බිඳ දැමීමට එළදෙනුන්ගේ ආමාශය හැඩ ගැසී ඇති බැවින් බව මහාචාර්ය ගොබිට්ස් පැවසීය.මේ සඳහා තවත් පර්යේෂණ අවශ්‍ය බව ඔහු පෙන්වා දෙන අතර මේ සොයාගැනීම වැදගත් වන්නේ ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු ප්ලාස්ටික් අවම කර ගැනීමට විසඳුමක් විය හැකි බැවිනි.
ක්ෂුද්‍ර ජීවීන් හා එන්සයිම ප්ලාස්ටික් වලට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව පර්යේෂණ වර්තමාන අධ්‍යයන ක්ෂේත්‍රයේ සිදු වන නමුත් එළදෙනුන්ගේ ආමාශයෙහි සිදුවන ක්‍රියාවලිය මේ දක්වා නිවැරදිව ගවේෂණය කර නොමැති බවත් ජාන ඉංජිනේරු විද්‍යාව භාවිතයෙන් ප්‍රයෝගිකව නව මානයන් කරා වැඩි දියුණු කිරීමට එය වඩාත් ඉවහල් වනු ඇතැයි මහාචාර්ය ගොබ්ට්ස් පවසයි.
අපගේ එදිනෙදා කාර්යයන් සිදු කර ගැනීමට ප්ලාස්ටික් මහඟු සේවාවක් සපයන නමුත් ප්ලාස්ටික් ස්වභාවික ප්‍රතිචක්‍රීයකරණයේදී ඉතා ප්‍රතිරෝධී වේ. පසුගිය වසරේ තවත් අධ්‍යයනයකින් හෙළිවූයේ 2040 වන විට ලොව ඇති ප්ලාස්ටික් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 710 ක් වනු ඇති බවය. එමෙන්ම මරියානා ආගධයෙහි පවා ප්ලාස්ටික් සොයා ගැනීම පුදුමයට කරුණකි. සාගර පතුලේ තැන්පත් වී ඇති මයික්‍රො ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් මිලියන 14 ක් ඇති බවට ගණන් බලා ඇති අතර 2020 දී ඇන්ටාක්ටිකාවේ දිවයිනක කුඩා සත්වයන්ගේ බඩවැලේ පවා ප්ලාස්ටික් තැන්පත්ව තිබී ඇත.


