අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පළාත් මැතිවරණය කල් දැමීමේ ශ්‍රීලනිප කුමන්ත්‍රණය ඒකාබද්ධය හෙළි කරයි

මහින්ද වැඩ අල්ලයි -රට පුරා ජනහමු දහසක්

(සුජිත් මංගල ද සිල්වා ) පළාත් පළාන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණය ගොනු කළ නඩුව පිටුපස සිටින්නේ ශ්‍රී ලංකා…

(සුජිත් මංගල ද සිල්වා )

 

පළාත් පළාන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණය ගොනු කළ නඩුව පිටුපස සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් බවට ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී අද (16) චෝදනා කළේය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් මේ නඩුව දැමීම පිටුපස සිටින්නේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර,ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් බව ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා හෙළි කළේය.

දැන්වීම

ඔහු මේ බව හෙළි කළේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කුමන්ත්‍රණය  කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (16) චෝදනා කරද්දී,ඒ කවුරුන් ද යන්න පිළිබඳව වහාම නම් වශයෙන් හෙළි කරන්නැයි විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඉල්ලා සිටීමෙන් පසුවය.

දයාසිරි ජයසේකර,ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ඩිලාන් පෙරේරා යන ඇමතිවරුන්ගේ අවශ්‍යතාවයට අනුව මේ නඩුව පැවරීමේ සියලු වැඩ කටයුතු කර තිබෙන්නේ ඒ අයගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් තිදෙනකු බව ද ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් හෙළි කර සිටියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පළාත් මැතිවරණය කල් දැමීමේ ශ්‍රීලනිප කුමන්ත්‍රණය ඒකාබද්ධය හෙළි කරයි | Lanka Newsweek