පළාත් මායිම විවෘත කාටද ..?
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටින්නේ පළාත් මායිම් හරහා ගමන් කිරීමට හැකි වන්නේ රජයේ සේවකයින්ට, පෞද්ගලික ආයතනවල සේවය සඳහා කැඳවා ඇති…
(හේමන්ත තුසිත කුමාර)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටින්නේ පළාත් මායිම් හරහා ගමන් කිරීමට හැකි වන්නේ රජයේ සේවකයින්ට, පෞද්ගලික ආයතනවල සේවය සඳහා කැඳවා ඇති සේවකයින්ට සහ අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින්ට පමණක් බව ය.
ඊට අමතරව පළාත් මායිම් හරහා ගමන් කිරීමේ හැකියාව ඇත්තේ යම් රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට සහ සමීප ඥාතියෙකුගේ අවමංගල්‍ය අවස්ථාවකට සහභාගී වීමට පමණක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1