පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත වහාම ඉල්ලා අස් කර ගනු

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත වහාම ඉල්ලා අස් කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී…
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත වහාම ඉල්ලා අස් කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කර සිටී අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
එලැඹෙන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යන පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත පිළිබඳව පක්ෂ නායක හමුවේදි සාකච්ඡා කරපු වෙලාවේ මේ පනත ඉල්ලා අස් කර ගන්න කියලා මමත් අනුර කුමාර දිසානායක මැතිතුමාත් ඉල්ලීමක් කළා.
මැතිවරණයක් පවත්වන්න තියෙන වෙලාවක මේ වගේ පනත් ගෙනල්ලා අවුලක් ඇති කරන්න යම් යම් අය උත්සාහ ගන්නවා. ඒ අවස්ථාවේදී සභානායකතුමා කිව්වා උපදේශක සභාවට ගිහිල්ලා අන්තර්කාලීන යෝජනාවක් වශයෙන් වගන්තියක් දාන්න කියලා පළාත් පාලන මැතිවරණයට මේ පනත බලපාන්නේ නෑ කියලා.අද අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා.අපේ යෝජනාවට යම්කිසි සහයෝගයක් සභානායකතුමාගේන් බලාපොරොත්තු වෙනවා.ඒ කියන්නේ මේ මැතිවරණයට බ්‍රහස්පතින්දා ඉදිරිපත් කරන පනත බලපාන්නෙ නෑ කියලා වගන්තියක්.