පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇමරිකාවත් මැදිහත් වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

නියමිත දිනට මැතිවරණය පවත් වන්නැයි ජනපතිට දැනුම් දෙයි පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පැවැත්විය යුතු බවට අමෙරිකානු රජය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දීමක් සිදු කොට ඇතැයි "The…
නියමිත දිනට මැතිවරණය පවත් වන්නැයි ජනපතිට දැනුම් දෙයි
පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පැවැත්විය යුතු බවට අමෙරිකානු රජය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දීමක් සිදු කොට ඇතැයි "The morning" සති අන්ත පුවත්පත වාර්තා කර තිබේ.
අමෙරිකානු ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ (NSC) දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා රියර් අද්මිරාල් අයිලීන් ලෝබචර් මහත්මිය සහ ජනාධිපතිවරයා අතර ගෙවුණු සතියේදී පැවැති සාකච්ඡාවේදී මෙම දැනුම් දීම සිදු කොට ඇති බව පුවත්පත සදහන් කරයි.
එමෙන්ම කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති අතර මෙම හමුවට මෙරට අමෙරිකානු තානාපතිනි ජූලියා චන්ග් මහත්මියද එක්ව සිටියාය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1