පළාත් පාලන මැතිවරණය මාර්තු 20 ට පෙර

පළාත් පාලන මැතිවරණය 2023 වර්ෂයේ මාර්තු 20 වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කොමිෂන් සභාව විරුද්ධ බව…
පළාත් පාලන මැතිවරණය 2023 වර්ෂයේ මාර්තු 20 වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කොමිෂන් සභාව විරුද්ධ බව ද, 2022 සැප්තැම්බර් මාසයෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නිවේදනය කිරීමේ බලය කොමිෂන් සභාවට ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර පළාත් සභා අද ක්‍රියාත්මක වන්නේ නිලධාරීන් යටතේ බවත් මහජන නියෝජිතයන් සිටිය යුතු ස්ථානවලට නිලධාරීන් යොදවා පාලනය කිරීමට කොමිෂන් සභාව එකඟ නැති බව පෙන්වා දුන් නිමල් පුංචිහේවා මහතා පළාත් සභා අතුරුදන් වී නැති බවත් එම ආයතන අතුරුදන් කර ඇති බවත් පැවැසීය.