අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පළාත් පාලන මැතිවරණයට මුදල් අච්චු ගහයි

පළාත් පාලන මැතිවරණයට මුදල් අච්චු ගහයි

උද්ධමනය වැඩි වෙයි-බඩු මිල අහස උසට යන ලකුණු ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබාදීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදු වන බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග…

උද්ධමනය වැඩි වෙයි-බඩු මිල අහස උසට යන ලකුණු 

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබාදීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදු වන බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවසීය.  

ඒ හේතුවෙන් නැවතත් රටේ බඩු මිල දෙතුන් ගුණයකින් ඉහළ යමින් උද්ධමනය වැඩි වීමක් සිදු වනු ඇතැයි ද, ඒ අනුව ජනතාව දැඩි පීඩනයකට ලක් වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

ගෙවුණු මාස හයක කාලයේදී මුදල් අච්චු ගැසීම අඩු කිරිම නිසා උද්ධමනය පාලනය වී බඩුමිල ද සාමාන්‍ය අඩු වීමක් සිදුවී ඇති නමුත් පළාත් පාලන මැතිවරණය සඳහා මෙසේ මුදල් අච්චු ගැසීමෙන් රටේ ආර්ථිකය දැඩි අවදානමකට ලක් වනු ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පළාත් පාලන මැතිවරණයට මුදල් අච්චු ගහයි | Lanka Newsweek