අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පළාත් පාලන මන්ත්‍රීන්ගෙන් රජයට කෝටි 720ක අමතර බරක්

පළාත් පාලන මන්ත්‍රීන්ගෙන් රජයට කෝටි 720ක අමතර බරක්

(රංජිත් ගුණවර්ධන) නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව 86% කින් ඉහළයාම නිසා ඉදිරියේදී තේරී පත් වන පළාත් පාලන මන්ත්‍රීවරුන්ට වැටුප් සහ දීමනා ලබාදීම සදහා රුපියල් කෝටි 1560ක් වැය කිරීමට…

(රංජිත් ගුණවර්ධන)

නව මැතිවරණ ක්‍රමය යටතේ  පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව 86% කින් ඉහළයාම නිසා ඉදිරියේදී තේරී පත් වන  පළාත් පාලන මන්ත්‍රීවරුන්ට වැටුප් සහ දීමනා ලබාදීම සදහා රුපියල් කෝටි 1560ක් වැය කිරීමට සිදු වන බව පළාත්  සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ආරංචි මාර්ග සදහන් කරයි.

මිට පෙර පැවති ක්‍රමය යටතේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට වැටුප් සහ දීමනා වශයෙන් ගෙවීමට සිදුවී තිබුණේ රුපියල් කෝටි 840ක් වන අතර ඒ අනුව රජයට දැරීමට සිදුව තිබෙන අමතර පිරිවැය රුපියල් කෝටි 720ක් වේ.

කලින් පැවති මැතිවරණ ක්‍රමය  අනුව සමස්ථ පළාත් පාලන සභික සංඛ්‍යාව  4486ක්වු අතර නව ක්‍රමය යටතේ එම සංඛ්‍යාව  8356 දක්වා ඉහළ ගොස් තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පළාත් පාලන මන්ත්‍රීන්ගෙන් රජයට කෝටි 720ක අමතර බරක් | Lanka Newsweek