අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

පවුලක මාසික වියදම රු. 5672කින් ඉහළ ගිහින්

පවුලක මාසික වියදම රු. 5672කින් ඉහළ ගිහින්

රට විරු ප්‍රේෂණ ඩොලර් මිලියන 248 ට අඩු වෙලා මුල් මාස හතරේ දී විදේශ ප්‍රේෂණ 56%කින් අඩු වෙලා 2022 මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී රටේ පවුල් ඒකකයක සාමාන්‍ය මාසික වියදම රුපියල් 5672කින් ඉහළ ගොස්…

රට විරු ප්‍රේෂණ ඩොලර් මිලියන 248 ට අඩු වෙලා 

මුල් මාස හතරේ දී විදේශ ප්‍රේෂණ 56%කින් අඩු වෙලා  

පවුලක මාසික වියදම රු. 5672කින් ඉහළ ගිහින්

2022 මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී රටේ පවුල් ඒකකයක සාමාන්‍ය මාසික වියදම රුපියල් 5672කින් ඉහළ ගොස් ඇති බව ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අනාවරණ වී තිබේ.

ආහාර සඳහා වන වියදම රුපියල් 3345කින් ඉහළ ගොස් තිබෙන අතර 2022 මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී සහල් සඳහා වන වියදම රුපියල් 989කින් ඉහළ ගොස් ඇත. 

දැන්වීම

ඊට අමතරව කිරිපිටි සඳහා පවුල් ඒකකයක් වැය කළ මුදල රුපියල් 369කින් ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ වියදම රුපියල් 2327කින් ඉහළ ගොස් ඇති බව ද ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත වාර්තා පෙන්වා දෙයි.

ආහාර නොවන කාණ්ඩය යටතේ පවුල් ඒකකයක මාසික ප්‍රවාහන වියදම 2022 මාර්තු මාසයට සාපේක්ෂව 2022 අප්‍රේල් මාසයේ දී 932කින් ඉහළ ගොස් තිබෙන බව ද ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවලට අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 2022 අප්‍රේල් මාසයේ දී රටට ඒවා ඇති විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 248 දක්වා පහත වැටී ඇති අතර එම මුදල 2021 ට සාපේක්ෂව  52%ක අඩු වීමකි. 

මේ වසරේ මුල් මාස හතර සැලකූ විට විදේශ ප්‍රේෂණවල පහත වැටීම 56%ක් වන බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙන අතර එම බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටින්නේ, රටේ ආර්ථික අර්බුදය විසදීම සඳහා පියවර රැසක් ක්‍රියාත්මක කරමින් පවතින බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩ සටහනක් සඳහා පවත්වන සාකච්ඡා ඒ අතරින් ප්‍රධාන වන බව පෙන්වා දෙන මහා බැංකු අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා, එම ක්‍රියාමාර්ග ඉදිරි මාස හය ඇතුළත සම්පූර්ණ කිරීමට හැකි වුව හොත් ඉදිරි වසරයේ දී මෙරට ආර්ථිකයේ ස්ථාවර වීමක් අපේක්ෂා කළ හැකි බව ද කියා සිටියි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න