පවතින ඝාතන රැල්ල ජවිපෙට ආශිර්වාදයක්..?

වර්තමාන ආණ්‌ඩුව බලයට පත්වීමත් එක්ක රට පුරා දැවැන්ත අපරාධ රැල්ලක් හිස ඔසවලා තියනවා.කවදාවත් නොතිබුණ විදිහට සංවිධානාත්මක අපරාධ කල්ලි ඝාතන පටන් අරන්.ආණ්ඩුව බලයට එන්න ඉස්සෙල්ලා වේදිකා උඩ ජාතික ආරක්ෂාව සහ…
වර්තමාන ආණ්‌ඩුව බලයට පත්වීමත් එක්ක රට පුරා දැවැන්ත අපරාධ රැල්ලක් හිස ඔසවලා තියනවා.කවදාවත් නොතිබුණ විදිහට සංවිධානාත්මක අපරාධ කල්ලි ඝාතන පටන් අරන්.ආණ්ඩුව බලයට එන්න ඉස්සෙල්ලා වේදිකා උඩ ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ ආරක්ෂාව ගැන පම්පෝරි ගහපු මාලිමා ආණ්ඩුවේ බැරිකම දැන් රෙද්ද පල්ලෙන් බේරෙන්න පටන් අරන්. ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න බංකුවක් අරන් එන්න කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමති ඇරුණ ජයසේකර පේන්නවත් නෑ.
කුඩු සහ පාතාලය ඉවර කරන්න යන්නේ පෝය දෙකයි කියලයි අරුණ ජයසේකර එදා කිව්වේ, ලැජ්ඡයි.දැන් වෙලා තියෙන්නේ ආණ්ඩුව පත්වෙලා පෝය දෙකක් ඇතුලත හුදකලාව සිද්ධවුන අපරාධ රැල්ලක් බවට පත්වෙලා.පාතාලය මරා ගන්නවා.ඒවායේ ගොඳුරු බවට අහිංසක මිනිස්සු පත්වනවා.හැම දවසකම මිනිස්සු දෙන්නෙක් තුන් දෙනෙක් වෙඩි තියලා මරලා.හැබැයි ආණ්ඩුව නිශ්ශබ්දයි.අරුණ ජයසේකර පේන්නවත් නෑ. මොකද්ද මේ නපුංසක ප්‍රතිපත්තිය.
අඩුම ගානේ තමන්ගේ රැකවරණය යටතේ ඉන්න සැකකරුවෙක් පරිස්සම් කරගන්න පොලීසියටවත්,බන්ධනාගාර නිලධාරීන්ටවත් බෑ. බදාදා (19) මේ රටේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණයේදී වෙඩි තියලා මරලා දැම්මා.ගනේමුල්ලේ සංජව රක්ෂිත භාරයේ හිටිය සැකකරුවෙක්.නඩු කටයුත්තකට අලුත් කඩේ අධිකරණ සංකීර්ණයට ගෙනාපු වෙලාවේ තීනීඥයෙක් විදිහට වෙස් වලාගෙන ආපු ඝාතනයෙක් සංජීව මරලා දානවා.ඒ විතරක් නෙවෙයි මරලා දාලා පලා යනවා.
දැන්වීම
කෝ අනුර මේ රටේ නීතිය...කෝ මේ රටේ ජාතික ආරක්ෂාව..?
රටේ උද්ගතවෙලා තියන ඝාතන රැල්ල කොච්චර භයානක කියනවා නං ගනේමුල්ලේ සංජිව ඝාතනය වෙන්නේ විත්ති කූඩුවේ ඉන්දැද්දී.ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේදී නඩුවක් අහද්දී විත්ති කූඩුව ඇතුළේ ඝාතන වන පළවෙනි සැකකරුවා බවටත් ගනේමුල්ල සංජීව පත්වෙනවා.ඝාතකයෝ නීතිය පසිදලන තැනටත් ඇවිත් ඝාතන කරන යුගයක් බවට අනුර කුමාරගේ පුනරුද යුගය පත්වෙලා.
ඒ වගේම අඟහරුවාදා (18) රෑ 10.15 ට මිද්දෙනිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන තුවක්කුකරුවෙක්ගේ වෙඩි තැබීමකින් ඒ පුද්ගලයා එතනම මිය යනවා.මරණකරුගේ පුතා සහ දුව තුවාල ලබලා තංගල්ල රෝහලට හා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දුව මියගිහින් තියනවා.මේ ඊයේ සහ පෙරේදා සිද්ධ උන ඝාතන තුනක් විතරයි.වර්තමාන ආණ්‌ඩුව බලයට ආවට පස්සේ මේ සාතන රැල්ල මැඩ පවත්වන්න අරන් තියන ක්‍රියාමාර්ග මොනවද?
මේ ඝාතන රැල්ල නවත්තන්න තවත් ජීවිත කීයක් දෙන්න වෙයිද.ඊයේ සහ පෙරේදා සාතනවලින් කුඩා දරුවෙක් මැරුණා,තව දරුවෙක් බරපතල තුවාල ලැබුවා.ඇත්තටම අපි අනුරගෙන් අහන්නේ කෝ මේ සමාජයේ ඉන්න දරුවන්ට රැකවරණය.කෝ මේ රටේ ජනතාවට රැකවරණය.මොකටද මෙහෙම සේනාධිනායකයෝ.මොකටද මෙහෙම මහජන ආරක්ෂක ඇමතිලා,නියෝජ්‍ය ඇමතිලා.පෝය දෙකෙන් පාතාලය නිරායුධ කරනවා කිව්ව අරුණ ජයසේකරලා බම්බු ගහනවද?
ඇත්තටම මෙතන බරපතල ප්‍රශ්නයක් තියනවා. පාතල කල්ලි දෙපැත්තට බෙදිලා මරා ගන්නවා. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ.හැබැයි පාතාල කල්ලි නිරායුධ කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට.පතාල කල්ලි නිරායුධ කරන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්.මේ ප්‍රශ්නය ආණ්ඩුවෙන් අහපු ගමන් ජෙප්පෝ අපෙන් අහන්නේ පාතාලය හැදුවේ අපිද කියලා.අපිට ජෙප්පන්ට කියන්න තියෙන්නේ පාතාලය හැදුවේ තොපිත් නෙවෙයි,අපිත් නෙවෙයි හැබැයි පාතාලය නිරායුධ කිරීමේ වගකීම දැන් තියෙන්නේ තොපිට කියලයි.
ඇත්තටම ජනතාව අනාරක්ෂිතයි කියන පීඩනය ආණ්ඩුවට දෙන්න කෙනෙක් නෑ.අඩූම ගානේ මේ විපක්ෂයවත් ඒ බලකිරීම කරන්නේ නෑ.රටේ රාළට මෙතන බරපතල ප්‍රශ්නයක් තියනවා.මේ ඝාතන සංස්කෘතිය මේ ආණ්ඩුවට ඕනිද කියන ප්‍රශ්නය සහ සැකය රටේ රාළට තියනවා.පහුගිය සති කීපය ඇතුලේ ජවිපෙ සහ මාලිමාව සමාජිකයින් රටේ විවිධ ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවකට සම්බන්ධ වුනා.කඹුරුපිටියේදී උද්ඝෝෂණයකට පහර දුන්නා, අගුණකොලපැලැස්සේදී ගොවි සමුළුවකට පහර දුන්නා,අකුරැස්සෙත් එහෙම සිද්ධියක් උන බව වාර්තා වෙනවා.
මාතලේ යටවත්තේ සජබ ආධාරකරුවෙකුගේ ගෙදරයට ජවිපෙ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගිහින් තර්ජනය කරනවා.එයා කියන්නේ එයා ආවේ පැලවත්තේ මූලස්ථානයේ පණිවිඩය අරන් කියලා.මේ කිසිම දේකට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.ඒක නිසා වෙන්නේ පාතාලය වගේම මේ දේශපාලන ප්‍රචණ්ඩත්වයත් හිස එසවීමයි. නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නෑ කියන්නේ ඒ ප්‍රචණ්ඩත්වයට පක්ෂයේ ආශීර්වාදය තියෙනවා කියන එකයි.ගම්පහ සමූපකාර ඡන්දයේදී ජවිපෙ සහ මාලිමා බලවේගය හැසිරෙන හැටි ඔයාලත් දකින්න ඇති.
සමහර කණ්ඩායම්වලට නාමයෝජනාවත් දෙන්න දුන්නෙත් නෑ.මේ ප්‍රචණ්ඩත්වය මාලිමාවට එන ප්‍රාදේශීය සභා මැතිවරණයටත් ඕනි.යම් විදිහකින් එයාලා පලාත් පාලනේ දිනුවොත් ගමේ මාලිමාවේ කොට්ඨාශ සභාවට ප්‍රචණ්ඩත්වය සදහා නිල ලයිසන් එකක් හම්බ වෙනවා.එතැනින් පස්සේ ඉතින් මාලිමාවට යටත් වුන ගමක් තමයි නිර්මාණය වෙන්නේ.සමාජයේ පහලම සමාජ ඒකකය වන ගම නිහඩ කරගැනීම තමයි එයාලගේ සැලැස්ම.එහෙම කොට්ඨාශ සහා 14020 නිර්මාණය වෙනවා.
මේ තැනට දක්වා යන්න මේ පවතින අපරාධ රැල්ල විසින් හදන සමාජ බිය මාලිමාවට ආශීර්වාදයක්.භිෂණය කියන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ට ආශිර්වාදයක්.සමාජය භීතියෙන් ඇලලී තිබීම තමයි ප්‍රාදේශීය සභා ජන්දය දිනා ගැනීමට ජවිපෙට තියෙන හොඳම මෙවලම. මොකද ජවිපෙට තිබුණ ජන පදනම දැන් වේගයෙන් දියවෙමින් යනවා.මාලිමාව එක්ක තරඟයක් දෙන්න ශක්තිමත් විපක්ෂයක් නෑ. හැබැයි මේ පලාත් පාලන මැතිවරණයේදී ජවිපෙට ලොකු අභියෝගයක් දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් එල්ල වෙනවා. ඒ නිර්මාණය වෙන මහජන බලය පස්සට යවන්න බය බිරාන්ත උන සමාජයක් තිබීම ජවිපෙට වැදගත්.