පලාත් සභා මැතිවරණයට පැලවත්තේ සූදානම

පලාත් සභා ඡන්දය කට ළඟ කියලා අපට කියන්න බෑ.හැබැයි පලාත් සභා ඡන්දය අත ළඟ කියලා කියන්න පුළුවන්.කොහොමත් පලාත් සභා සම්බන්ධ සාකච්ඡාව පීක් එකට එන්නේ අයවැයෙන් පස්සේ.මේ අත ළඟ තියන පලාත් සභා මැතිවරණයට පැලවත්තේ…
පලාත් සභා ඡන්දය කට ළඟ කියලා අපට කියන්න බෑ.හැබැයි පලාත් සභා ඡන්දය අත ළඟ කියලා කියන්න පුළුවන්.කොහොමත් පලාත් සභා සම්බන්ධ සාකච්ඡාව පීක් එකට එන්නේ අයවැයෙන් පස්සේ.මේ අත ළඟ තියන පලාත් සභා මැතිවරණයට පැලවත්තේ සුදානම මොකද්ද කියන එක මේ මැතිවරණයේදී තීරණාත්මක සාධකයක්.පැලවත්ත ඒ ගැන තවම ලොකු බරක් දාලා නෑ.හැබැයි පැලවත්තත් දුෂ්කර සටනකට සුදානම් වෙනවා.
මේ මැතිවරණයේදී පැලවත්තේ සුදානම අපි කාටත් වඩා වැදගත් වෙන්නේ මාලිමාවට.මොකද මේ මැතිවරණයේදී ජවිපෙ කීදෙනෙක් තරඟ කරනවාද,මාලිමාවේ කීපදෙනෙක් තරඟ කරනවාද,මහ ඇමති අපේකයෝ කවුද?මේ සියල්ල තීරණය කරන්නේ පැලවත්තෙන්.කොටින්ම කියනව නම් මේ කාලයේදීය තමයි ආයෙත් මාලිමාවේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ කාර්යාල කාර්යය සහයකයා බවට පත්වෙන්නේ.
නිහාල් අබේසිංහට තියෙන්නේ ටිල්වින් හදන ලිපිවලට එයාගේ අත්සන දාලා මැතිවරණය කොමිෂමට ගිහින් දෙන්න.ඒ කියන්නේ ටිල්වින්ලගේ කාකාස job එකට අමතරව මැසෙන්ජර් job එකත් කරන්න කැමැත්තෙන් හරි අකමැත්තෙන් නිහාල් අබේසිංහට සිද්ධ වෙනවා.ඇත්තටම මැතිවරණයට අදාල ලියකියවිලි හදන එක මහා ලොකු වැඩක් නෙවෙයි.වැඩේ වෙන්නේ භූමියේ කෙරෙන මැතිවරණ සටනයි.මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ජවිපෙට සල්ලි තියනවා.
දැන්වීම
ලංකා ඉතිහාසයේ මැතිවරණ කටයුතු වෙනුවෙන් වැඩිම රාජ්‍ය දේපල අවභාවිතා වෙන්න පුළුවන් මැතිවරණය මේක වෙන්න පුළුවන්.මේ පාර අයවැයෙන් ජනාධිපති වැය ශීර්ෂය වෙනුවෙන් වෙන් කරගෙන තියන මුදල රුපියල් බිලියන 11.2 ක්.ඒ මුදලෙන් 50% කට කිට්ටු මුදලක් වෙන් කරලා තියෙන්නේ Clean Sri Lanka වැඩසටහනට.ඒ කියන්නේ ජවිපෙ කැමිපේන් එකට.පැවවත්තට සල්ලි තිබුණත් ජනමතය පැත්තෙන් පැලවත්ත ඉන්නේ බොහෝම දුප්පත් තැනක.
විශේෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කරද්දී එයාලට හොඳ අපේක්ෂක කණ්ඩායමක් ඉදිරිපත් කිරීම මේ පාර බරපතල අභියෝගයක්.ඒකට හේතු කීපයක් තියනවා.පහුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී අපේ රටේ ඡන්දායකයා ජවිපෙ එහෙමත් නැත්තං මාලිමාව හරියට අදුරගෙන තිබුණේ නෑ.අනුර අනුර ගැන කියන කතාවලින් සහ ජවිපෙ අය අනුර ගැන කියන කතාවලින් අනුරව මැනගත්තා මිසක් අනුර කවුද කියලා එයාලට ප්‍රායෝගික අද්දැකීමක් තිබුණේ නෑ.රටේ රාළ අනුර කවුද කියලා කිව්වත් පිලිගත්තේ නෑ.
හැබැයි අනුර බලය ගත්තට පස්සේ අනුර කියන්නේ ඇතුලේ මොකවත් නැති හිස් චරිතයක් කියලා අනුරම එයාලගේ භාවිතාවන් ඇතුලේ ඔප්පු කරලා තියනවා.පාර්ලිමේන්තුව මැතිවරණයත් ඒ එක්ක ආපු හින්දා ඒ කට්යත් කවුද කියලත් අදුරගන්න ජනතාවට වෙලාවක් තිබුණේ නෑ.ඒ නොදැනුවත්කම හින්දම තමයි වල් පැල ගලවලා මල් පැල හිටවමු කියන සටන් පාඨය ආවේ.පාර්ලිමේන්තුව සුද්ද කරමු කියන කතා ආවේ.හැබැයි දැන් කවුරුවත් එයාලට මල් පැල කියන්නේ නෑ.එයාලා වල් පැලත් නෙවෙයි අර වැවිවල හැදෙන ආක්‍රමණික ශාක වගේ ජාතියක්.
දැන් රටේ ජනතාව 159 අදුරගෙන ඉවරයි.නියම තක්කඩි රැලක් කියලා රටම දන්නවා.මේ දැන ගැනීම පලාත් පාලන ඡන්දය එනකොටත් යම් පමණකට සිද්ධ වෙලා තිබුණත් දැන් ජවිපෙ ගැන රට සහසුද්දෙන්ම දැනගෙන ඉවරයි.මේ තත්වය උඩ මාලිමාවේ අපේක්ෂකත්වය ඉල්ලාගෙන එන අය ගොඩක් අඩුයි. එයාලට දාන්න තියෙන්නේ පහුගිය මැතිවරණයෙන් පැරදුන මාලිමාවේම කණ්ඩායමයි දැනට පලාත් පාලන ආයතනවලට ඉන්න සභාපති ලෙවෙල් එකේ කට්ටියයි විතරයි.
ඒක නිසා මේ මැතිවරණයේදී මාලිමාවට හරි මාලිමාවේ අපේක්‍ෂකයන්ට කිසිම ජනතා ආකර්ෂණයක් නෑ.ඒ වෙනූවට වෙලා තියෙන්නේ මාලිමාව රටේ ජනතාව අතර දැඩි වෛරයට පාත්‍ර වීමයි.මේ මාලිමාවට එරෙහිව නැගිටලා තියෙන්නේ විපක්ෂයේ අය නෙවෙයි.මේ ගිය පාර මාලිමාවම ඡන්දය දුන්න අයයි.මාලීමාව වටේට හිටිය බලවේග මාලිමාව දාලා ගිහිල්ලා. මේකට හොඳම උදාහරණය තමයි පහුගිය 17 වෙනිදා තිබුණ ජවිපෙ ගුරු සමුළුව.
අපේ රටේ ජනාධිපතිවරයෙක් සහභාගිවුන පීචංම ගුරු සමුළුව ඒක.ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුලේ තිබුණ ශක්තිමත්ම වෘත්තීය සමිතියක් විදිහට ගුරු - විදුහල්පති සංගමය හදුන්වන්න පුළුවන්.අද ජවිපෙ ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්ෂේත්‍රය කොයි තරම් පිරිහිලද කියලා ඒ සමුළුව දිහා බලපුවහම පේනවා.ඉතිහාසයේදී ජවිපෙ ඇතුලේ අර්බුදයක් නිර්මාණය උනහම හැම අවස්ථාවකදීම ජවිපෙ හයිය බවට පත්වුනේ කම්කරු සංගමය.පෙරටුගාමීන් වෙන්වෙලා යනවත් එක්ක ජවිපෙට අන්තරේ බලය අහිමි වුනා.
හැබැයි වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ජවිපෙට තිබුණ බලය අඩුවුනේ නෑ.දැන් ජවිපෙ ගුරුවරු දාහක් කොළඹට ගේන්න බෑ. අදින්න පුළුවන් හැම තැනින්ම ජෙපාපෝ ඇඳලා ගුරුවරු වගේ වාඩිකරලා තමයි යන්තම් 2000/2500 ක් හදා ගත්තේ.එතනත් හිටියේ ගුරුවරුන්ට වැඩිය ජෙප්පෝ.වෙනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරිලා යන හෝල් එකේ මේ පාර පුටු 1500 කට වැඩිය හිස්.ඇත්තටම ඔය තත්වය තමයි මහ පොලොවේ තියෙන්නේ.
ජවිපෙ වෙනුවෙන් පෙනී හිටපු බලවේගය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා.ඒකට මැතකදී බලපාපු ප්‍රධාන හේතුවක් විදිහට ජවිපෙ නායකයින්ගේ වත්කම් හෙලිවීම ගන්න පුළුවන්.ජවිපෙ වටේට හිටිය බලවේගය අහිමි වෙනවත් එක්ක එක ජවිපෙ අභයන්තරයට තදින් දැනිලා තියනවා.විශේෂයෙන්ම ඒ බලවේගය මත යැපෙමින් තියෙන ජවිපෙ සංවිධාන යාන්ත්‍රණය කඩා වැටිලා තියනවා.ගොඩක් පුර්ණාලීනයෝ පක්ෂය දාලා ගිහිල්ලා.
දැන් ජවිපෙට ඉතිරිවෙලා ඉන්නේ අමාත්‍යාංශවල විවිධ ආයතනවලට නම් දාලා පඩි ගන්න සෙට් එක ටික විතරයි.දැන් එයාලා ෆුල් ටයිම් ජවිපෙ වෙනුවෙන් කුලී ලියන්නෝ සහ ඩෝබිලා ටිකක් විතරයි.එයාලට පොළොවේ ඡන්ද හදන්න බෑ.ඇත්තටම උන් හොඳ කුණුහරුප කීමේ තරඟයකට යවන්න.ඒක නිසා පලාත් සභා මැතිවරණය එනකොට ජවිපෙ යාන්ත්‍රණය බිමටම සමතලා වෙලා තියනවාට කිසිම සැකයක් නෑ.මේ තත්වයන් හරියට දකිමින් අවශ්‍ය දේශපාලන ක්‍රියාමාර්ග තෝරන්න පුළුවන් දේශපාලන කණ්ඩායමට මේ මැතිවරණය දිනන්න පුළුවන්.