පර්චසයකට මිලියන 29ක් ගෙවූ Home Lands ගණුදෙනුව..?

මෙරට ඉතිහාසයේ ඉඩම් පර්චසයක් වෙනුවෙන් හුවමාරු වූ ඉහළම මිල සනිටුහන් කරමින් කොළඹ තුම්මුල්ලේ අක්කරයකට ආසන්න භූමි ප්‍රමාණයක හිමිකාරීත්වය අත්පත් කරගැනීමට Home Lands සමූහය කටයුතු කර තිබේ. එක් පර්චසයක් සඳහා…
මෙරට ඉතිහාසයේ ඉඩම් පර්චසයක් වෙනුවෙන් හුවමාරු වූ ඉහළම මිල සනිටුහන් කරමින් කොළඹ තුම්මුල්ලේ අක්කරයකට ආසන්න භූමි ප්‍රමාණයක හිමිකාරීත්වය අත්පත් කරගැනීමට Home Lands සමූහය කටයුතු කර තිබේ.
එක් පර්චසයක් සඳහා රු. මිලියන 29ක පමණ මිලක් මෙහිදී ගෙවා තිබේ.
මෙම වාර්තාගත ඉඩම් මිලදී ගැනීමේ ආයෝජනය රුපියල් බිලියන 4.5 ඉක්මවා ඇති බවයි එම සමාගම නිවේදනය කළේ.
දැන්වීම
එම සමාගම සඳහන් කරන්නේ, මෙට කොළඹ ඉඩම් ගනුදෙනුවක දී පර්චසයකට ගෙවන ලද ඉතිහාසයේ ඉහළම මුදල බවයි.
හෝම්ලෑන්ඩ්ස් විසින් කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ දියත් කිරීමට නියමිත, ‘Pentara Residencies තුම්මුල්ල හංදිය‘ ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම ඉඩම් අත්පත් කර ගැනීම සිදුකර ඇත.
මේ යටතේ මහල් 40 කින් යුත් ද්විත්ව කුළුණු නේවාසික සංකීර්ණයක් ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව අරමුදල් සපයනු ලබන ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් බවටයි වාර්තා වෙන්නේ.