අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පරණ මිතුරු - අලුත් මිතුරු එක්වූ සජිත්ගේ උපන්දිනය

පරණ මිතුරු - අලුත් මිතුරු එක්වූ සජිත්ගේ උපන්දිනය

සජිත් දේශපාලන සතිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ 59 වන උපන්දිනය යෙදී තිබුණේ, ජනවාරි 12 වනදාය. ඒ වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් සහ දානමය පිංකමක් සංවිධානය කර තිබුණේ හුණුපිටිය ගංගාරාමයේදීය. පසුගිය…

සජිත් දේශපාලන සතිය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ 59 වන උපන්දිනය යෙදී තිබුණේ, ජනවාරි 12 වනදාය.


ඒ වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් සහ දානමය පිංකමක් සංවිධානය කර තිබුණේ හුණුපිටිය ගංගාරාමයේදීය.

පසුගිය වසරවල නොතිබුණු උද්යෝගයක් මෙවර සජිත්ගේ උපන්දිනයේදී දකින්නට ලැබුණු අතර, සිරිකොතෙන් ආ ලිපියකුත් සමගින් එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ ජාතික සංවිධායක සාගල රත්නායක ද ගංගාරාමයට පැමිණි සිටියේය.

පරණ මිතුරු - අලුත් මිතුරු එක්වූ සජිත්ගේ උපන්දිනය

දැන්වීම

පරණ මිතුරු - අලුත් මිතුරු එක්වූ සජිත්ගේ උපන්දිනය

සජිත්ගේ උපන්දිනය

රවී කරුණානායක, ෆයිසර් මුස්තාපා, මනෝ ගනේෂන්, දිගම්බරම්, දයාසිරි ජයසේකර වැනි විපක්ෂයේ සෙසු පක්ෂ නියෝජිතයින්ද ඒ පිංකමට එක්ව සිටීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූවක් විය.

සමගියෙන් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, එස්.එම්. මරික්කාර්, රෝහණ බණ්ඩාර,සුජිත් සංජය, දිලිප් වෙදආරච්චි, චතුර ගලප්පත්ති, චමින්ද්‍රානි කිරිඇල්ල, ප්‍රසාද් සිරිවර්ධන වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සජිත්ට සුබපතන්නට ගාංගාරාමයට පැමිණ සිටියේය.

දහවල් සම්බුද්ධ පූජාවෙන් පසු අනුශාසනාව සිදුකළ හුණුපිටිය ගංගාරාමාධිපති පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් සජිත්ට ආශිර්වාද කළේ අතීතයද සිහිපත් කරමින්ය.

WhatsApp Image 2026 01 16 at 4.05.14 PM 2

WhatsApp Image 2026 01 16 at 4.05.14 PM 1


“ කවුරුත් සතුටට පත්වෙනවා, ඔක්කොම එකට එකතුවෙලා, අලුත් ගමනකට සුදානම් වෙනවා. ඒක හොඳයි, ඒක තමයි විය යුත්තේ, දැන් මේ ගමන ඉදිරියටම අරන් යන්න, තාත්තා වගේම ඔබතුමත් ජනතා සේවයට කැපවෙච්ච කෙනෙක්. මට පහුගිය දවසක ලැබුනා ඔබතුමෙගේ තාත්තා එක්ක පොඩි හාමුදුරුවෝ ජනසවිය පටන් ගන්න සැලසුම් හදපු ලිපි ගොණුවක්. එදා එහෙම තමයි තාත්තා වැඩ කළේ, ඔබතුමාටත් ඒ ශක්තිය තියෙනවා, තාත්තටත් දරා ගැනීමේ ශක්තිය තිබුනා. පරිණත දේශපාලඥයෙක් කියන්නේ, දරාගැනීමේ ශක්තිය කොතරම් තියෙනවාද? එපමණකට දුර ඔහුට යන්න පුළුවන්”

මේ අතර සජිත්ගේ උපන්දින සැමරුම අතර තුර සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අසලට පැමිණි එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන තමන් රැගෙන ආ විශේෂ ලිපිය රංජිත් මද්දුම බණ්ඩාර අතට දෙමින් කිව්වේ, “අයියා, මේ තමයි අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය දවසේ රැස්වෙච්ච වෙලාවේ අපේ පක්ෂ දෙකේ එක්වීම ගැන අපි ගත්තු තීරණ ටික. ඔයාලට මේක ලිඛිතව දෙන්න කියලා ලීඩර් මට කිව්වා.”

තිරය පිටුපස දේශපාලන මූණුත් සජිත්ට සුබ පතන්න ගංගාරාමයට



හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙච්ච කරුණාරත්න පරණවිතානත්, පේරාදෙණිය විශ්විද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරාත්, කළත් 43 වන සේනාංකයේ ක්‍රියාකාරිකයකු වගේම මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වෙච්ච ඉංජිනේරු සුමේද රත්නායකත් ගංගාරමයට පැමිණ තිබුණේ සජිත්ට සුබ පතන්නටය.

i8r8r7

මනෝ ගනේෂන් සහ දිගම්බරම්ම - හාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම - ඉරාජ් වීරරත්න


ඔය අතරේ නාමල්ගේ ළගම හිතවතෙක් වෙච්ච ඉරාජ් වීරරත්නත් පන්සලේ සිටිනු දුටු, සජබයේ සජබයේ ලොක්කෙක්, එයා ළග හිටපු සජබයට අලුතින් එක්වෙච්ච තරුණ දේශපාලඥයකුගෙන් අහලා තිබුණේ…,”ඉරාජුත් ඇයි බං මෙතන” කියාය.

එවිට අර ලබන පාර පාර්ලිමේන්තු යන්න බලන් ඉන්න තරුණ දේශපාලඥයා කියලා තිබුණේ මෙහෙම කතාවක්ය,  “දැන් ඉරාජ්ලටත් තේරිලා ඇති අපේ ලොක්කගේ වටිනකම, මම දැක්කා පහුගිය කාලෙම මිලින්ද රාජපක්ෂ එක්ක එකතුවෙලා ඉරාජ් සජිත්ගේ හොඳ කියනවා. ලොක්ක කියපු හැමදේම හරි කියලා රටටම පේන්න තියෙන එකේ, ඉරාජ්ලට නොපෙනෙන්න බෑනේ.”

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරියක වූ මහාචාර්ය ක්ෂණිකා හිරුඹුරේගමත්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර, මැක්වරි විශ්විද්‍යාලයේ මහාචාර්ය සංජය දිසානායකත් ගංගාරාමයේදී සජිත්ට සුබපැතුවා කියලත් ආරංචීයී.

 

අධ්‍යාපන සැලසුම් සකසන සජිත්ගේ විද්වත් කමිටුවට අකිලත්

WhatsApp Image 2026 01 16 at 4.05.17 PM

නිදහස් අධ්‍යාපන සුරකින පොදු වේදිකාව


'නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමේ පොදු වේදිකාව’ නමින් සමගි ජන බලවේගය අලුත් වැඩක් ඇරඹුවේ සජිත්ගේ උපදෙස් මතය. ඉන් සජිත්ගේ අදහස කර ඇත්තේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මාලිමාවට වැරදුනු තැන් හඳුනා ගැනීමත්, රටට ගැලපෙන සහ රැකියා අභිමුඛ අධ්‍යාපනයක් රටට හඳුන්වාදීමත්ය.

සජිත් කියන්නේ, විෂය මාලා සංවර්ධනය වගේම, අපේ රටට ගැලපෙන හොඳ අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි හදමු කියාය. පසුගිය බදාදා කොළඹ විපක්ෂ නායක කාර්යාලයට අධ්‍යාපන කේෂ්ත්‍රයේ ප්‍රාමාණික විද්වතුන් පිරිසකට ආරාධනා කළ සජිත් ඒ වැඩේ ඇරඹුවේ කාටත් පොදු වේදිකාවක් හැදීමේ අරමුණින්ය.

uuh765876t

“අපි කාමරවල සාකච්ජා කරන දේට එහා ගිහිල්ලා, පළාත් 9යෙම, දිස්ත්‍රීක්ක 25හේම අධ්‍යාපන කේෂ්ත්‍රයේ ගැටළු සහ වෘත්තිකයින්ගේ, අදහස් සහ යෝජනා එක්ක අලුත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි හදමු මගේ යෝජනාව ඒක, ඒකෙදී ග්‍රාමීය ප්‍රදේශ, වතු සහ උතුරු නැගෙනහිර ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න ඕන, මේ රටේ හැම දරුවෙක්ම අවසානයේ මුහුණ දෙන්නේ එකම තරග විභාගයකට, ඒකට මුහුණදෙන්න පාසැලේදී අධ්‍යාපනය ලබන දරුවන්ට පහසුකම්වල විෂමතා තියෙන්න බෑ. අපි ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන. අද පෙළ පොත සහ පාඩම් ගැන විතරයි අවධානය යොමු කරන්නේ, අපි ඒ අවධානයට අමතරව භෞතික සහ මානව සම්පතත් අඩුපාඩු නැතුව දරුවන්ගේ පහසුව සඳහා ශක්තිමත් කරන්නම අවශ්‍යයි.”

WhatsApp Image 2026 01 16 at 4.05.17 PM 1

සජිත්ගේ මේ අදහස එතැන සිටි සියළුම දෙනා ඉහළින් අගය කරද්දී, මහාචාර්ය අර්ජුන පරාක්‍රම ඒ අදහස තවත් ශක්තිමත් කරමින්, අපි කෙටි කාලීන සහ දිගුකාලීන ගැටළු හඳුනාගෙන කඩිනමින් විසඳන්න පුළුවන් දේවල්වලට ප්‍රමුඛතා ලැස්තුවක් හදමු කියමින් ඔහුගේ අදහස පළ කළේය.

මේ සාකච්ජාවට අධ්‍යාපන කේෂ්ත්‍රයේ ප්‍රමාණික විද්වතුන් වන මහාචාර්ය අර්ජුන පරාක්‍රම, ආචාර්ය තාරා ඩි මෙල්, ආචාර්ය සුජාතා ගමගේ, ආචාර්ය දඹර අමිල හිමි, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය කෙනඩි ගුණවර්ධන, ආචාර්ය තමාරා කන්නංගර, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හිටපු සභාපති පද්මා රණවීර ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

විද්වතුන් පිරිස අධ්‍යාපනයේ විවිධ කේෂ්ත්‍ර ගැන අදහස් දැක්වීමෙන් පසුව අකිල දෙසට හැරුණු සජිත් කිව්වේ… “ අකිල, ඔයාටත් මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා, ඔයාගේ අදහසුත් මේකෙදී වටිනවා”

ඊට හිස සලා සිනහවක් පාපු අකිල හිටපු අධ්‍යාපන ඇමතිවරයා කතාව ආරම්භ කළේ අමුතු අදහසකින්.

ඔහු කිව්වේ, “අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ, ගිණි තියන්නත් පුලුවන්, ගිණි ඇවිලෙන්නත් පුලුවන් දෙයක්” කියාය.

WhatsApp Image 2026 01 16 at 4.05.20 PM 1


2017 අපි ආරම්භ කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි 2019 තමයි ක්‍රියාත්මක කරන්න සැලසුම් කළේ, ඒත් ආණ්ඩු මාරුවුනා, ආයෙත් ගෝඨාභය ජනාධිපතිවරයගේ කාලේ අලුතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටන් ගත්තා, මේ ඒකේ කොණ, ඒත් ඒක හරියට අවබෝධ කරගන්නේ නැතුව, අධ්‍යනය කරන්නේ නැතුව කඩි මුඩියේ ඒක ක්‍රියාත්මක කරන්න ගත්ත එකේ ප්‍රතිඵල තමයි අද මේ ආණ්ඩුව හිරවුන තැන.

අනුන්ගේ දේවලුත් තමන්ගේ කරගන්න ගිහින් වැරදි වුණොත් ආයෙත් රිවස් බෑ… දැන් ඒක එයාලා පිට ගිහින් තියෙන්නේ, අපි එදා ඉඳන්ම කිව්වේ, “දැනුම පදනම් කරගත් අධ්‍යාපනය තුළින් - රැකියා වෙළඳපොලට සරිලන පුරවැසියකු බිහිකිරීම” කියන දේ මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියට ඇතුල් කළ යුතුයි කියලා”

ed65er86

පැය 3 කට වැඩි කාලයක් අදහස් හුවමාරු වෙච්ච මේ සාකච්ජාව ඉවර වුණේ, අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ නව ලොවට ගැලපෙන විෂය නිර්දේශ ගැන පුළුල් කතිකාවතක් ඔස්සේ, සංකල්ප පත්‍රිකාවක්, වයිට් පේපර් එකක් සකස් කිරීමේ මූලික අඩිතාලම දැමීමට එකඟ වෙමින්ය.



සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට තරුණ මූණු 5ක්



සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට තරුණ දේශපාලන චරිත 5කට අවස්ථාව ලබාදීමට සජිත් මේ සතියේ පියවර ගත්තේය.

පරණ මිතුරු - අලුත් මිතුරු එක්වූ සජිත්ගේ උපන්දිනය

WhatsApp Image 2026 01 16 at 3.56.50 PM

WhatsApp Image 2026 01 16 at 3.56.51 PM 1

 WhatsApp Image 2026 01 16 at 3.56.52 PM

WhatsApp Image 2026 01 16 at 3.56.52 PM 1

කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින්


ඒ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ, තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක, හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ, රත්මලාන ආසන සංවිධායක වෛද්‍ය චමල් සංජීව සහ විදුලි පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අඛණ්ඩව හඬ නගන සංජීව ධම්මිකටය.

ඔවුන් පසුගිය සමයේ අඛණ්ඩව ආණ්ඩුව ප්‍රශ්ණ කළ අතර, සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල ප්‍රවර්ධනය කිරීමට සහ ජාතික දේශපාලනය තුළ සමාජ මතවාද ගොඩනැගීමට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන අයුරු දැකගැනීමටද හැකිවිය.

කොලොන්න මූලික රෝහලටත් සජිත් හුස්ම දෙයි

WhatsApp Image 2026 01 16 at 4.05.54 PM 1

කොලොන්නට හුස්ම


දිට්වා සුළි කුණාටුව සමග ආපදාවට ලක්වූ ප්‍රදේශවල රෝහල් පද්ධති තුළ පහසුකම් ඉහළ නැංවීමේ අරමුණික් ක්‍රියාත්මක සජිත්ගේ හුස්ම වැඩසටහන ගෙවී යන සතියේ ක්‍රියාත්මක වුණේ, කොලොන්න මූලික රෝහල කේන්ද්‍රකර ගනිමින්ය.

එහිදී රු. ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ ලබාදීම සිදුවූ අතර මන්ත්‍රී හේෂා විතානගේ ඊට මූලිකත්වය ගෙන ක්‍රියා කළේය.

රටින් යන චෑං අවසන් මොහොතේ සජිත්ට කිව්වේ මොනවද?

WhatsApp Image 2026 01 16 at 4.06.18 PM

රටින් යන චෑං අවසන් මොහොතේ සජිත්ට කිව්වේ මොනවද?


සිය ධුර කාලය අවසන් කර නැවතත් ඇමෙරිකාව බලා පිටත්ව යන ඇමෙරිකානු එක්සත් ජනපදයේ මෙරට තානාපතිනිය වන Julie Chung සිකුරාදා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ සජිත්ව හමුවිය. 2022 වසරේ සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් අයට ස්තුති කළ සජිත්, ඉදිරියේදීත් ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමට කැපවන ලෙස ඉල්ලා සිටියේය.

මෙරටින් පිටව යාමට සූදානම්ව අවසන් මොහොතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීම, දේශපාලන විශ්ලේශකයින් පවසන්නේ විශේෂත්වයක් බවය.



- මම | බංගලා හංදියේ ලියුම්කරු-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න