අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

පන්දුවේ ක්‍රීම් ආලේපනය කළ රවීන්ද්‍ර ජඩේජාට දඩ

පන්දුවේ ක්‍රීම් ආලේපනය කළ රවීන්ද්‍ර ජඩේජාට දඩ

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට දඩ පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත. ඒ, ඔස්ට්‍රේලියාව සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවේ ආලේපනයක් තැවරීමේ වරදට වන අතර මෙම…

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට දඩ පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.

ඒ, ඔස්ට්‍රේලියාව සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවේ ආලේපනයක් තැවරීමේ වරදට වන අතර මෙම වරද නිසා රවීන්ද්‍ර ජඩේජාට ඒක් අසාදු ලකුණක් පැනවීමටද අයි.සී.සී. පියවර ගෙන ඇත.

ඉන්දියාවේ නාග්පූර්හි පැවති මෙම තරගයේ 46 වැනි පන්දුවාරයේදී රවීන්ද්‍ර ජඩේජා විසින් මොහොමඩ් සිරාජ්ගේ අත්ල මත තිබූ වේදනා නාශක ක්‍රීම් වර්ගයකින් ස්වල්පයක් ගෙන සිය දබරැගිල්ල ආධාරයෙන් පන්දුවෙහි තවරන අයුරු කැමරා රූපසටහන්හි සටහන් විය.

දැන්වීම

මෙම සිදුවීම සමාජ මාධ්‍යවල විශාල කතාබහට ලක්වූයේ දහඩිය හැර අනෙක් කිසිවක් ක්‍රිකට් පන්දුවක් මත තවරා ක්‍රීඩා කිරිම ක්‍රිකට් නීතිරීති කඩ කිරීමක් වන නිසාය.  

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමද නිවේදනයක් නිකුත් කරමින්, රවීන්ද්‍ර ජඩේජා පන්දුවේ දිස්නය වැඩි කිරිම සඳහා වේදනා නාශක ක්‍රීම් වර්ගයක් පන්දුවේ ආලේප කළ බව පිළි ගත්තේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න