අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පණුවෝ ගැසූ ටින් මාළු රට පුරා..!

පණුවෝ ගැසූ ටින් මාළු රට පුරා..!

(නිලන්ති මානෙල්) මිනිස් පරිභෝජනයට නුසුදුසු පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 74 ක් චීනයේ සිට කොළඹ වරායට පැමිණ ඇතැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය පවසයි. එම කන්ටේනර් වරයාට ඇතුළු කර ගැනීම…

(නිලන්ති මානෙල්)

මිනිස් පරිභෝජනයට නුසුදුසු  පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 74 ක් චීනයේ සිට කොළඹ වරායට පැමිණ ඇතැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය පවසයි.

එම කන්ටේනර් වරයාට ඇතුළු කර ගැනීම  වළක්වන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ බලධාරීන්ට දැනුම් දී තිබියදී ඒ අතරින්  කන්ටේනර් 6 ක් වරායෙන් නිදහස් කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා අවධාරණය කර සිටියි.

එම ටින්මාළු පරිභෝජනය කිරීම මගින් පරිභෝගිකයන්ගේ  සෞඛ්‍යයට තර්ජනයක් ඇති වන බැවින් 1980 අංක 26 දරන ආහාර පනත ප්‍රකාරව එම  පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 6 වහාම  සෞඛ්‍ය අමාත්‍යාංශය භාරයට ගෙන නිසි පරීක්ෂණයක් පවත් වන වන්න යැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියි .

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පණුවෝ ගැසූ ටින් මාළු රට පුරා..! | Lanka Newsweek