අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පච දේශපාලනයෙන් ජනතාව අනාථ කරපු හැටි සජිත් කියයි

පච දේශපාලනයෙන් ජනතාව අනාථ කරපු හැටි සජිත් කියයි

2/3 බලයක් තියන් බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් ජනතාව අන්දවන රජයේ බොරු පොරොන්දු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එකින් එක පෙන්වා දෙයි මත්ද්‍රව්‍ය ජාවාරම සේම ඔන්ලයින් ණය මාෆියාව නැති කළ යුතුයි අප රටේ ජන…

2/3 බලයක් තියන් බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් ජනතාව අන්දවන රජයේ බොරු පොරොන්දු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එකින් එක පෙන්වා දෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම සේම ඔන්ලයින් ණය මාෆියාව නැති කළ යුතුයි

අප රටේ ජන සමාජයේ ජනතාව බොරුවෙන් රැවටීමෙන් මුසාවෙන් මුලාවෙන් අනාථ වූ ආකාරය දෙස බලන විට කරුණු ගොඩක් පෙන්වා දිය හැකි බවත් දළ දේශීය නිෂ්පාදනයට 50%ක් සහ ලක්ෂ 40කට රැකියා ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පාස්කු ප්‍රහාරය කොරෝනා කෝවිඩ් වසංගතය සහ බංකොලොත්භාවය නිසා අසරණ වී ඇති මොහොතක මොවුන්ගේ ව්‍යාපාර 260000කට අධික ප්‍රමාණයක් වැසී ගිය බවත් වත්මන් රජයේ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් යන ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පොරොන්දු දුන් බවත් පරාටේ නීතිය ඉවත් කර පොළිය කපා හැර ප්‍රාග්ධන අරමුදල් කපා හැර සහන ලබා දෙන බව පැවසුවත් අද ඒ කිසිවක් නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැක ගන්න මේ රජයටත් බැරි වෙලා

පසුගිය රජය ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන පරාටේ නීතිය තාවකාලිකව අහෝසි කළත් ණය බරින් මිරිකුණ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කටයුතු නොකළ බවත් ඉන් පසු බලයට පත් මේ රජය පළාත් පාලන මැතිවරණ ඉලක්ක කර ගෙන පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටවූවත් ණය ප්‍රතිව්‍යුහගත නොකළ බවත් ගොබෙල්ස් ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ කවුද කියා අද රටටම පැහැදිලි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

දැන්වීම

මිලියන 38ක් ණය ගත් ව්‍යාපාරිකයෙක්ට අද මිලියන 137ක් ගෙවන්න වෙලා

වත්මන් රජය අන්ත අසාධාරණ ක්‍රමවේදයක් යටතේ අප රටේ ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන්ගේ පළි ගන්නා බවත් කෝසල විදානාරච්චි මහතා වසර 10කට මිලියන 38ක් ණය ගත්තත් අද වන විට ඔහු මිලියන 52.4ක් ගෙවා ඇති බවත් මුළුමනින්ම මිලියන 38 ණය ගෙවන්න තව මිලියන 80ක් ඉල්ලා සිටින බවත් සමස්ත මුදල මිලියන 137ක් බවත් මේ සියලු දත්ත හැන්සාට් ගත කරන බවත් මේ සියලු අසාධාරණ කම් කරන්නේ වත්මන් රජය බවත් රජය පොරොන්දු වූ දේ අද නොකරණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සේම ඔන්ලයින් ණය මාෆියාව නැති කළ යුතුයි

එසේම මේ මොහොත වන විට අප රටේ ඔන්ලයින් ණය මාෆියාවක් සිදුවන බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ සහ පිටත දි කරුණු කාරණා විපක්ෂය පෙන්වා දුන් බවත් මේ ණය මාෆියාව මහබැංකුවේ ලියාපදිංචි නොවී පුද්ගලික ධනයෙන් අධික පොළියක් අය කර ගිණි පොළියක් අය කර නිර්ධය ආකාරයට වැරදි ආකාරයට මේ ණය අය කර ගැනීම සිදු කරන බවත් මෙයට විරුද්ධව තුනෙන් දෙකේ බලය ඇති ආණ්ඩුව පියවර නොගැනීම බරපතල ගැටලුවක් බවත් සාමාන්‍ය වැඩ කරන ජනතාවගේ මුදල් මොවුන් ගසා කන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද සීසර්ලා රටේ නීති උල්ලංඝනය කරමින් වාහන බලහත්කාරයෙන් පවරා ගන්නවා

මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කරනවා සේම මේ ඔන්ලයින් ණය මාෆියාව ද විනාශ කළ යුතු බවත් වාහනයක් අරන් ලීසින් දමා ලීසින් ප්‍රමාද වූ පසු නැවත ලබා ගැනීම නීතිය තුළ ක්‍රියාත්මක වන සාධාරණ ක්‍රමවේදයක් විය යුතු වුවත් අද වන විට 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනත උල්ලංඝනය කර සීසර්ලා විසින් ආරක්ෂක අංශ සමග එකතු වී මේ පනත උල්ලංඝනය කර පොලිස්පති ලබා දුන් නිර්දේශ ඉවත් කර බලහත්කාරයෙන් මැරකම ඡඩකම උපයෝගී කර ගෙන වාහන අත්පත් කර ගන්නා බවත් මේවාට විසදුම් නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

පොලිස් කොමිසමට ස්වාධීනව වැඩ කරන්න දෙන්න

පොලිස් කොමිසමේ ස්වාධීනත්වය සුරක්ෂා කරන්න ඉල්ලා සිටින බවත් නිර්දේශපාලනීකරණය වූ වාතාවරණය තුළ වැඩ කරන්න දිය යුතු බවත් යහපත් රාජ්‍ය පාලනයක් තුළ බලය බෙදා සංවර්ණ හා තුලන ක්‍රමවේදය හරහා ශක්තිමත් පොලිස් සේවාවක් නිර්මාණය කරන්න හැදුවත් රජය එයට බාධා කරන බවත් එම නිසා පොලිස් කොමිසමේ ස්වාධිනත්වය ඇති කරන්න කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේකම සුරකින්න ඉතිහාස විෂය හර විෂයක් කරන්න

අධ්‍යාපනය නූතනවාදී වනවා සේම දියුණු සමාජයක දරු පරපුරක් නිර්මාණය කරනවා සේම අතීතය අමතක කළ නොහැකි බවත් එදා රජ දවසේ අප රටේ අභිමානය දරුවන් දැනගත යුතු බවත් අධිරාජ්‍යවාදී බලවේග මේ රට යටපත් කරන විට මෙරට රජදරුවන් ඒ අධිරාජ්‍යවාදය පරාජය කරන්න කටයුතු කළ ඉතිහාසය මකා දැමිය නොහැකි බවත් කුසලතාවෙන් නිපුණතාවෙන් දක්ෂතාවෙන් වෘත්තීයභාවයෙන් සවිබල ගැන්වූ දරු පරපුරක් නිර්මාණය කිරීමේදී අපේකම සුරක්ෂා වන ආකාරයට ඉතිහාස විෂය හර විෂයක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න