අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පකිස්ථානයේ 11වන මහමැතිවරණය අදයි..!

පකිස්ථානයේ 11වන මහමැතිවරණය අදයි..!

නව රජයක් පත්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පකිස්ථාන වැසියන් අද (25) සිය ඡන්දය භාවිත කිරීමට නියමිතයි. ඡන්ද මධ්‍යස්ථන 85,000කට අධික ප්‍රමාණයක් පවතින අතර එරට වේලාවෙන් අද පෙරවරු 8.00 ට ඡන්දය භාවිත කිරීම…

නව රජයක් පත්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පකිස්ථාන වැසියන් අද (25) සිය ඡන්දය භාවිත කිරීමට නියමිතයි.

 ඡන්ද මධ්‍යස්ථන 85,000කට අධික ප්‍රමාණයක් පවතින අතර  එරට වේලාවෙන් අද පෙරවරු 8.00 ට ඡන්දය භාවිත කිරීම ආරම්භවීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇත.

මෙම ඡන්දයෙන් පකිස්ථාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සහ පළාත් සභාවන් 4 ක් සඳහා සභිකයින් පත් කර ගැනීමට නියමිත අතර බොහෝ දේශපාලන විචාරකයින් ප්‍රකාශ කර සිටින්නේ  මෙවර මැතිවරණයේදී හිටපු අගමැති නවාස් ශරිෆ්ගේ පී.එම්.එල්.එන් පක්ෂය පරාජය කොට  හිටපු ක්‍රිකට් ක්‍රීඩක ම්රාන් කාන් තරග වදින පී.ටී.අයි පක්ෂය ජය ගනු ඇති බවයි.

මෙවර මැතිවරණයේදී මැතිවරණ අක්‍රමිකතා සිදුවීමට වැඩි ඉඩකඩක් ඇති බව එරට මානව හිමිකම් කොමිසම පවසයි. ඒ හේතුවන් ඒවා වලක්වා ගැනීමට මැතිවරණ ආරක්ෂාව වෙනුවෙන් සෙබළුන් 371,000ක් සේවයේ යොදවා ඇත.

ලියාපදිංචි ඡන්ද දයකයන් ගණන මිලියන 106 ක් වන අතර මෙම මැතිවරණයෙන් ජාතික සභාවේ ආසන 272 ක් සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමට නියමිතයි.

මෙම මැතිවරණයේදී කාන්ත අපේක්ෂිකාවන්   171 ක් තරඟ වැඩි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පකිස්ථානයේ 11වන මහමැතිවරණය අදයි..! | Lanka Newsweek