පක්ෂ 15ක එකමුතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අත්සන් තැබීම අද පෙරවරුවේ
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 15ක් එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයට අත්සන් තැබීම අද (31) සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇත. එම ගිවිසුමට අත්සන්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 15ක් එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයට අත්සන් තැබීම අද (31) සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇත.
එම ගිවිසුමට අත්සන් තැබීම අද (31) පෙරවරු 9.30ට කොළඹ පදනම් ආයතනයේදී සිදු කිරීමට නියමිත අතර එම නව සන්ධානයේ සම නායකයින් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරු කටයුතු කිරීමට නියමිතය.
තවද එළබෙන ජනාධිපතිවරණයෙන් පසුව එහි අනෙකුත් නිලතල නම් කිරීමට නියමිතව ඇත.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1