පක්ෂ නායකත්වයට ගරු නොකරන පිරිසක් සමග ඉදිරියට යා නොහැක..!

එළඹෙන ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂෙන් කවුරු ඉදිරපත් කළත් පක්ෂය දෙකඩවීම වැලැක්විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහතා පැවසිය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව…
එළඹෙන ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂෙන් කවුරු ඉදිරපත් කළත් පක්ෂය දෙකඩවීම වැලැක්විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැති පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ගේ හමුවකට සහභාගී වෙමින්ය.
එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ පක්ෂ නායකත්වයට ගරු නොකරන,කඩාකප්පල්කාරී ලෙස හැසිරෙන පිරිසක් එක්සත් ජාතික පක්ෂය තුළ සිටින හෙයින් පක්ෂය අභ්‍යන්තරයේ මේ වන විට උද්ගත වෙමින් තිබෙන තත්ත්වය ඉතා ගැටුම්කාරී ලෙස උත්සන්න වෙමින් තිබෙන බවයි. තවද පක්ෂ නායකත්වයට ගරු නොකරන පිරිසක් සමග පක්ෂයක් ඉදිරියට ගෙන යෑමට නොහැකි බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ ඒ අනුව බලන විට මෙම ගැටුම උග්‍රවනවා මිස සමතයකට පත් නොවන තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයෙන් කරු ජයසුරිය සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගෙන් කවුරුන් ඉදිරිපත් කළත් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට ජනතාව ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ සහ රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද සහභාගී වූහ.