අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාජය වීම අධිකරණ ක්‍රමය ලැබූ ජයකි

නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාජය වීම අධිකරණ ක්‍රමය ලැබූ ජයකි

නීතිපති ඉවත් කිරීමට ආණ්ඩුව දැරූ උත්සාහය පරාජය කිරීමට හැකිවීම මෙරට ඉතිහාසයේ අධිකරණ ක්‍රමය මෙන්ම මහජනතාව ලැබූ විශිෂ්ට ජයග්‍රහනයක් බව Free Lawyers සංවිධානය ප්‍රකාශ කරයි. ඔවුන් ඒ බව කියා සිටියේ ඉරිදා…

නීතිපති ඉවත් කිරීමට ආණ්ඩුව දැරූ උත්සාහය පරාජය කිරීමට හැකිවීම මෙරට ඉතිහාසයේ අධිකරණ ක්‍රමය මෙන්ම මහජනතාව ලැබූ විශිෂ්ට ජයග්‍රහනයක් බව Free Lawyers සංවිධානය ප්‍රකාශ කරයි.  

ඔවුන් ඒ බව කියා සිටියේ ඉරිදා (25) විශේෂ පුවත්පත් නිවේදනයක් නිකුත් කරමිනි. එම නිවේදනය පහත දැක්වේ.

2026.01.25

පුවත්පත් නිවේදනය

නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාජය වීම අධිකරණ ක්‍රමය ලැබූ ජයකි

නීතිපති පාරින්ද රණසිංහ මහතා වෙත අස්ථාන චෝදනා, අවලාද සහ අපහාස සිදු කරමින් ඔහු ධූරයෙන් ඉවත් කිරිම සඳහා දැරූ උත්සාහය පරාජය කිරීමට හැකිවීම සතුටට කරුණකි. මෙම අසත්‍ය චෝදනා හා අවලාදවලට එරෙහිව සෘජුව මැදිහත් වූ Free Lawyers සංවිධානය එම චෝදනාවල ස්වභාවය හා පසුබිම් අරමුණු අනාවරණය කළේය.

දැන්වීම

 මෙම උත්සාහය පරාජය කිරීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් මෙම සමාජ මාධ්‍ය ප්‍රහාර හා විරෝධතා නීතිපති ධුරයේ ස්වාධීනත්වයට එල්ල වූ අසාධාරණ මැදිහත්වීමක් බව ප්‍රකාශ කරමින්, එය නීතියේ ආධිපත්‍යයට හා අධිකරණ ආයතනවල ස්වාධීනත්වයට එල්ල වූ බරපතල ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන තීරණාත්මක විරෝධයක් පළ කළේය.

 සමාජ මාධ්‍ය ඔස්සේ නීපතිවතිවරයාට පමණක් නොව අප සංවිධානයට ද අපහාස කිරීමට සැලසුම් සහගත ලෙස කටයුතු කර තිබුණි. එසේ නමුත්, බහුතරයක් ජනතාව නීතිපතිවරයා ඉවත් කිරීමට දරණ ලද උත්සාහය වැලැක්වීමට එක්වීම සතුටකි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න