අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට නොවාවේ ආණ්ඩුවේ තර්ජනාත්මක අදහස් දැක්වීම නිසායි

නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට නොවාවේ ආණ්ඩුවේ තර්ජනාත්මක අදහස් දැක්වීම නිසායි

- විපක්ෂ නායක - 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සේම ගරු විනිසුරුවන් උපරිමාධිකරණවලට පත් නොකිරීම ගැන කරුණු දැක්වීමට නීති සංගමයේ සභාපතිවරයාට ආරාධනා කිරීමේ සියලු ලිපිගොනු හැන්සාඩ් ගත කළ බවත් මේ…

 - විපක්ෂ නායක - 

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සේම ගරු විනිසුරුවන් උපරිමාධිකරණවලට පත් නොකිරීම ගැන කරුණු දැක්වීමට නීති සංගමයේ සභාපතිවරයාට ආරාධනා කිරීමේ සියලු ලිපිගොනු හැන්සාඩ් ගත කළ බවත් මේ සම්බන්ධයෙන් මීට පෙර කතානායකවරයා ද සභානායකවරයා ද දැනුවත් කර තිබියදී මාධ්‍ය තුළින් වැරදි ප්‍රචාර ගෙනගිය බවත් විපක්ෂ නායකවරයා ලෙස මෙය තමාගේ පුද්ගලික ආරාධනාවක් නොවන බවත් තමා පහසුකම් සපයන්නකු ලෙස කටයුතු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී බ්‍රහස්පතින්දා (20) අවධාරණය කළේය. 

තමා කියා සිටියේ කතානායකවරයා හරහා පාර්ලිමේන්තුවේ 225 දෙනාම මෙයට සහභාගී විය යුතු බව වුවත් එය විකෘති කර ඇති බවත් 2026 අගෝස්තු 19 වැනි දින පාර්ලිමේන්තුවේ සිදු කළ සංවාදයක් සම්බන්ධයෙන් නීතිඥ සංගමය ඊයේ ලිපියක් යොමු කරමින් විපක්ෂය සිදු කළ යෝජනාව කාලෝචිත බවත් එය ජාතික වැදගත්කම ගැන සැලකිල්ලට ගත යුතු වුවත් මේ සම්බන්ධයෙන් රාජ්‍ය පාර්ශ්වයේ තර්ජනාත්මක ස්ථාවරයක් තිබූ බවට සඳහන් බවත් එම නිසා පක්ෂ විපක්ෂ එක මතයකට පැමිණෙන ලෙස දන්වා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කතා කළේ තර්ජනාත්මක ස්වාභාවයෙන් බවත් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කතා කිරීමේ හා භාෂණයේ නිදහස නොමැති ද ප්‍රශ්න කරන බවත් මූලික අයිතිවාසිකමක් වූ භාෂණයේ නිදහස කිසිදු අයකුට යටපත් කළ නොහැකි නිසා දැන්වත් මේ සාකච්ඡාවට මුල පුරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් කතානායකවරයා පහසුකම් සපයන්නා ලෙස දැන්වත් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

පැහැදිලිවම ආණ්ඩුවෙන් තර්ජනාත්මක ස්වරූපයක් තිබූ බවත් දැන් නීතිඥ සංගමය වෙන දවසක් ඉල්ලා සිටියදී රජයට හිතවත් මාධ්‍ය විසින් නීතිඥ සංගමය එය ප්‍රතික්ෂේප කළ බවට සඳහන් බවත් ඒ නිසා දැන්වත් මේවා නිවැරදි විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා සේම නීතිඥ සංගමයේ සභාපතිවරයා ද පුරවැසියකු නිසා පුරවැසියන්ට එක හා සමානව සැලකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න