නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට

සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප‍්‍රතිකාර ලබා දිවයිනට යළි පැමිණි "ඇවන්ගාඩ්" සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.…
සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප‍්‍රතිකාර ලබා දිවයිනට යළි පැමිණි "ඇවන්ගාඩ්" සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
"ඇවන්ගාඩ්" සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් නිකුත් කෙරුණු විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණි අවස්ථාවේදීය.
මෙසේ අත්අඩංගුවට ගැනුණු නිශ්ශංක සේනාධිපති මහතා ඇවන්ගාඩ් සිද්ධියට අදාළව විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පවතින නඩුව සඳහා බ්‍රහස්පතින්දා (17) සවස 2.00 ට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.