අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නිව්යෝර්ක් රෝහලක වෙඩි තැබීමකින් ලාංකික කතකට බරපතල තුවාල..!

නිව්යෝර්ක් රෝහලක වෙඩි තැබීමකින් ලාංකික කතකට බරපතල තුවාල..!

(Ashoka Jayatunga) පසුගිය 13 බ්‍රහස්පතින්දා රාත්‍රී 11 ට පමණ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි සෙන්ට් ලූක්ස් රෝහලේ දී ස්පාඤ්ඤ ජාතිකයෙකු එල්ල කොට සිදුවූ වෙඩි තැබීමකින් එරට පදිංචි චාමිකා හතුරුසිංහ නම් ලාංකික…

(Ashoka Jayatunga)

පසුගිය 13 බ්‍රහස්පතින්දා රාත්‍රී 11 ට පමණ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි සෙන්ට් ලූක්ස් රෝහලේ දී ස්පාඤ්ඤ ජාතිකයෙකු එල්ල කොට සිදුවූ වෙඩි තැබීමකින් එරට පදිංචි චාමිකා හතුරුසිංහ නම් ලාංකික කාන්තාව බරපතල තුවාල ලබා තිබේ. අදාළ ස්පාඤ්ඤ ජාතිකයා ඉන් පැයකට පසුව මියගොස් තිබේ.

සිය සැමියාගේ අතකට ප්‍රතිකාර ලබාගැනීම සඳහාරෝහලට ගිය ඇය එහි අමුත්තන්ගේ ශාලාවේ සිටියදී වෙඩි තැබීමට ලක්ව ඇති අතර ඇයගේ කලව හා යටිබඩ ප්‍රදේශය ඉන් තුවාල ලබා තිබේ. රෝහලට පැමිණි ස්පාඤ්ඤ ජාතිකයෙකු ලග පිහියක් තිබෙන බවට අදාළ ස්කෑනරය පෙන්නුම් කරන බව පවසමින් රෝහලේ ආරක්ෂක අංශ ඔහු සමග ඇතිවූ බහින්බස්වීම දුරදිග යාමෙන් ආරක්ෂක අංශ ස්පාඤ්ඤ ජාතිකයාට තැබු වෙඩි පහරවල් වලට ලාංකික කාන්තාව ඉලක්කවී තිබේ.

ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදිශිෂ්‍ය ශ්‍රී ලංකා යුධ හමුදාවේ හිටපු මේජර් සම්පත් ලියනගුනවර්දන මහතාගේ බිරිඳ මෙම වෙඩි තැබීමේ සිද්ධය ට ඉලක්කවී ඇති අතර ශල්‍යකර්මයකින් පසු ඇයගේ ශරීරය තුළ තිබූ මූනිස්සම් ඉවත් කර තිබේ.

දැන්වීම

මෙම සිද්ධියට ඇමෙරිකානු ජනමාධ්‍ය වලින්ඉහළ ප්‍රචාරයක් ලබාදී තිබිණ. ඇයගේ ජීවිතය යන්තමින් බේරුණ බවත් රෝහල් ආරක්ෂක අංශ ක්ෂණිකව සිදුකල වෙඩි තැබීමෙන් අගතියට පත් පාර්ශවය ලෙස විශාල වන්දියක් ලබා ගැනීම ගැන ද අවධානය යෙමෙුව ඇති බවට ද එම ජනමාධ්‍ය වාර්තා කොට තිබිණ.

නිව්යෝර්ක් රෝහලක වෙඩි තැබීමකින් ලාංකික කතකට බරපතල තුවාල..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නිව්යෝර්ක් රෝහලක වෙඩි තැබීමකින් ලාංකික කතකට බරපතල තුවාල..! | Lanka Newsweek