නිරායුධ සටන්කාමීන් ඝාතනය කර මර්දනය කිරීම නින්දිතයි

රඹුක්කන දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම හෙළා දකිමු.! නිරායුධ තරුණ සටන්කාමීන් ඝාතනය කර ඔවුන්ගේ සාධාරණ සමාජ අරගලය මර්දනය කිරීමට දරන උත්සාහය පිළිකුල් සහගත වන අතර එම නින්දිත ක්‍රියාවලිය තරයේ හෙළා…
රඹුක්කන දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම හෙළා දකිමු.!

නිරායුධ තරුණ සටන්කාමීන් ඝාතනය කර ඔවුන්ගේ සාධාරණ සමාජ අරගලය මර්දනය කිරීමට දරන උත්සාහය පිළිකුල් සහගත වන අතර එම නින්දිත ක්‍රියාවලිය තරයේ හෙළා දකින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
2022 අප්‍රේල් මස 19 වැනිදා කෑගල්ල, රඹුක්කන ප්‍රදේශයේ පැවති නිරායුධ ජනතා උද්ඝෝෂණයට වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය තරයේ හෙළා දකිමින් කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
2022 අප්‍රේල් මස 19 වැනිදා කෑගල්ල, රඹුක්කන ප්‍රදේශයේ පැවති නිරායුධ ජනතා උද්ඝෝෂණයකට සිදු කරන ලද වෙඩි තැබීමකින් තරුණයෙක් ඝාතනය කිරීම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අපි තරයේ හෙළා දකින්නෙමු.
දැන්වීම
එමෙන්ම ජනතාව වෙනුවෙන් හඬ නඟමින් තම ජීවිතය පූජා කරන ලද එම තරුණයාට අපගේ ආචාරය පළ කරමු. ඒ සමගම මිය ගිය තරුණයාගේ පවුලේ සියල්ලන් වෙත ද අපගේ බලවත් සංවේගය පළ කරමු.
මේ රටේ ජනතාව විශාල වශයෙන් අද තම අවංක හැඟීම් සහ වේදනාවන් පදනම් කර ගනිමින් විරෝධය පළ කරමින් සිටින්නේ නිරායුධවය. ඔවුන් එසේ කටයුතු කිරීමට සාධාරණ හේතු පවතියි. එමෙන්ම ආණ්ඩුවට එරෙහිව නිරායුධව විරෝධය පළ කිරීම සඳහා රටේ පුරවැසියන්ට අයිතියක් ද තිබේ. එම අයිතිය මේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ද තහවුරු කර ඇත. ඒ අනුව සැළකීමේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ සාධාරණ හේතු පදනම් කර ගනිමින් පැවති නිරායුද උද්ඝෝෂණයකටය.
එබැවින් අප මේ මොහොතේ ඉතාමත්ම අවධාරණයෙන් යුතුව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සාහසික ඝාතනයට අණ දී ඇති පුද්ගලයන්ට සහ ඒ සඳහා ක්‍රියා කර ඇති පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. එමෙන්ම මේ වන විට රටේ ජනතාව නගමින් සිටින හඬට සාවධානව කන් දෙමින් ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට පිළි ගත හැකි පිළිතුරක් නොපමාව ලබා දෙන ලෙසය. එමෙන්ම කතා කිරීමට, අදහස් ප්‍රකාශ කිරීමට සහ නිරායුධව තම විරෝධයන් පළ කිරීමට ජනතාවට ඇති අයිතිය සහතික කරන ලෙසය.