නිර්වින්දන ඖෂධ ගැටලුව උග්‍ර වෙලා
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සෞඛ්‍ය ඇමැතිත් නිර්වින්දනය වෙලා රෝගීන් අසරණ වෙලා රටේ නිර්වින්දන ඖෂධවල බරපතළ හිඟයක් මතුව ඇති හෙයින් රෝහල් පද්ධතියේ ශෛල්‍යකර්ම නතර වන තත්ත්වයක් උදා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර…
සෞඛ්‍ය ඇමැතිත් නිර්වින්දනය වෙලා
රෝගීන් අසරණ වෙලා
රටේ නිර්වින්දන ඖෂධවල බරපතළ හිඟයක් මතුව ඇති හෙයින් රෝහල් පද්ධතියේ ශෛල්‍යකර්ම නතර වන තත්ත්වයක් උදා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන විට ඔහු ඒ සදහා පිළිතුරු සැපයීමට කාලය ඉල්ලා සිටියද ජනතාවට ශෛල්‍යකර්ම සිදු කරන තෙක් බලා සිටීමට කාලයක් නොමැති බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිකුරාදා (25) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.
එම නිසා මෙම ගැටලුවට වහාම විසදුමක් ඉදිරිපත් කර අසරණ රෝගීන්ට සාධාරණය ඉටු කරන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1