නිපා වෛරසයෙන් ඉන්දියාවේ 14ක් මරුට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) නිපා වෛරසයෙන් මේ වනවිට දකුණු ඉන්දියාවේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වෛරසය මොළයට දැඩි හානි සිදු කරන දුර්ලභ වෛරසයක් බවයි. මේ…
(නිලන්ති චන්ද්‍රසේන)
නිපා වෛරසයෙන් මේ වනවිට දකුණු ඉන්දියාවේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වෛරසය මොළයට දැඩි හානි සිදු කරන දුර්ලභ වෛරසයක් බවයි.
මේ වනවිට මෙම වෛරසය බංග්ලාදේශ වැසියන්ගෙන් ඉන්දියාවේ කේරල ප්‍රාන්ත වැසියන්ට ඇති වූ බවට විද්‍යාඥයන් සැක පළ කරයි. ඉන්දියාවේ වෛරසය ආසාදනයවුවන් 17 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එරට සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.
මේ හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජයය ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් නැවුම් එළවළු සහ පළතුරු ආනයනය කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1