අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නිදහසට කරුණු ඉදිරිපත් කිරීම අජිත්-සුජීව ප්‍රතික්ෂේප කරති..!

නිදහසට කරුණු ඉදිරිපත් කිරීම අජිත්-සුජීව ප්‍රතික්ෂේප කරති..!

එජාපය විනයක් නීතියක් නැති අම්බලමක් වෙයි..! "අජිත්-සුජීව" පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලකුණු..! එජාප අර්බුදය උත්සන්න වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) සිය ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ…

එජාපය විනයක් නීතියක් නැති අම්බලමක් වෙයි..!

"අජිත්-සුජීව" පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලකුණු..!

එජාප අර්බුදය උත්සන්න වෙයි..!

(සුජිත් මංගල ද සිල්වා)

සිය ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රධාන ක්‍රියාකාරීන් කර තිබෙන පැමිණිලිවලට අදාළව කරුණු විමසීම සඳහා පැමිණෙන ලෙසට කර තිබු දැනුම් දීමට අනුව "සිරිකොත" මුලස්ථානයට පැමිණ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා යන මහත්වරුන් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ පැමිණිලි සම්බන්ධයෙන් අඟහරුවාදා (27) උදේ 11.00 ට  "සිරිකොත" මුලස්ථානයට පැමිණ නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණු අතර,  ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරමින්  ක්‍රියා කිරීම සඳහා හරියටම උදැසන 11.00 වන විට එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ නීති ලේකම් නීතිඥ නිශ්සංක නානායක්කාර යන මහත්වරුන් "සිරිකොත" මුලස්ථානයට පැමිණ සිටියත් සුජීව සේනසිංහ සහ අජිත් පී. පෙරේරා යන මහත්වරු පක්ෂ මුලස්ථානයට නොපැමිණියහ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජීව සේනසිංහ සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කර, ඒ අයට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි නිදහසට කරුණු විමසමින් විනය පරීක්ෂණ ආරම්භ කර දැඩි විනය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කර තිබේ.

දැන්වීම

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක්  "lankanewsweek" සමග කියා සිටියේ,  පක්ෂයේ නියෝගය පවා නොතකා මෙසේ ක්‍රියා කිරීම සහ එල්ල වී තිබෙන බරපතළ විනය චෝදනා මත බොහෝ දුරට සුජීව සේනසිංහ සහ අජිත් පී. පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ සාමාජිකත්වයෙන් පවා පහ කිරීමට ඉඩ තිබෙන අතර එසේ වුණොත් ඒ අයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ද අහිමි වනු ඇති බවය.

මේ අතර කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහුට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට ඉල්ලා ඔහු නියෝජනය කරන දිස්ත්‍රික්කයේම එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායා ද එම පක්ෂයේ මහා ලේකම්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර කළුතර දිස්ත්‍රික් සන්නිවේදන බලකායේ ලේකම් ලක්මිත් රන්දිම කුරේ  මහතාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති එම පැමිණිල්ල මෙසේය.

නිදහසට කරුණු ඉදිරිපත් කිරීම අජිත්-සුජීව ප්‍රතික්ෂේප කරති..!

නිදහසට කරුණු ඉදිරිපත් කිරීම අජිත්-සුජීව ප්‍රතික්ෂේප කරති..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නිදහසට කරුණු ඉදිරිපත් කිරීම අජිත්-සුජීව ප්‍රතික්ෂේප කරති..! | Lanka Newsweek