නව සමෘද්ධි සහනාධාරය ඉල්ලා අයැදුම්පත් ලක්ෂ 5ක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අලුතින් සමෘද්ධි සහනාධාරය ඉල්ලා අයැදුම්පත් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්යක්ෂ ජනරාල් ජේ. දඩල්ලගේ මහතා සඳහන් කළේ, එම අයැදුම්පත් යොමු කළ පුද්ගලයින්ගේ…
අලුතින් සමෘද්ධි සහනාධාරය ඉල්ලා අයැදුම්පත් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් ජේ. දඩල්ලගේ මහතා සඳහන් කළේ, එම අයැදුම්පත් යොමු කළ පුද්ගලයින්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරෙන බව ය.
සුදුසුකම් ඇති 150000 කට ලබන මාසය තුළ සමෘද්ධි සහනාධාරය ලබා දෙන බව ද ඔහු පැවසුවේ ය.
දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් සංඛ්‍යාව දහතුන් ලක්ෂයකට අධිකයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1