අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව සමාජ මාධ්‍ය විශාදය ගෙන දෙන්නේ නැහැ..!

නව සමාජ මාධ්‍ය විශාදය ගෙන දෙන්නේ නැහැ..!

(සමීර වීරක්කොඩි) බොහෝ දෙනා විශ්වාස කරන්නේ නව සමාජ මාධ්‍ය නිසා මානසික ආබාධ වලට තරුණ පෙළ ගොදුරු වන බවයි. යම් යම් විද්‍යාත්මක අධ්‍යයනවලින් සපයන දැනුමත් මේ විශ්වාසයන්ට හේතු වනවා. කෙසේ වෙතත් නවතම…

(සමීර වීරක්කොඩි)

බොහෝ දෙනා විශ්වාස කරන්නේ නව සමාජ මාධ්‍ය නිසා මානසික ආබාධ වලට තරුණ පෙළ ගොදුරු වන බවයි. යම් යම් විද්‍යාත්මක අධ්‍යයනවලින් සපයන දැනුමත් මේ විශ්වාසයන්ට හේතු වනවා. කෙසේ වෙතත් නවතම අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ “නව සමාජ මාධ්‍ය මඟින් තරුණ වියේ අය විශාදයට ගොදුරු කරවන්නේය” යන්න මිථ්‍යාවක් බවයි.

මේ අධ්‍යයනයට අදාළ නිබන්දය Clinical Psychological Sciences  නවතම කලාපයේ පෙබරවාරි (02) පළ වනවා. මේ අධ්‍යයනය සිදු කළේ කැනඩාවේ Brock විශ්වවිද්‍යාලයේ අචාර්ය Taylor Heffer තම අධ්‍යයනයේ දී ටේලර් තරුණ තරුණියන් 1800කට ආසන්න සංඛ්‍යාවකගේ තොරතුරු පරීක්‍ෂාවට බඳුන් කළා.

දැන්වීම

මේ සඳහා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 1132ක් ද ඇතුළත් වූව. මේ අයගේ තොරතුරු අවුරුදු හයක් තිස්සේ වාර්තා කළා. මේ අය “ෆේස්බුක්” ඇතුළු නවසමාජ මාධ්‍ය භාවිත කරන්නේ කුමන මට්ටම් වලින් ද කියා විමර්ශනය කළා. ඉන්පසු ඔවුන්ගේ සායනික දත්ත ද විමර්ශනය කළා.

එහිදී  පර්යේෂිකාව කළේ මේ දෙඅංශය අතර සබඳතාවක් පවතී ද කියා සොයා බැලීමයි. විශේෂයෙන් ම විශාදය හා නව සමාජ මාධ්‍ය භාවිතය අතර සබඳතාවක් පවතී ද කියා පරීක්‍ෂා කළ අතර  එවිට පැහැදිලි වූයේ එවැනි සබඳතාවක් නොමැති බවයි. “බොහෝ දෙනා ෆේස්බුක් වැනි නව සමාජ මාධ්‍ය ගැන වැරදි අවබෝධයකින් ඉන්නේ. මාධ්‍යවල ලිපි ශීර්ෂ යනවා

 “ෆේස්බුක් විශාදකාරකයි”

“ෆේස්බුක් ආතතිය ජනනය කරයි” වගේ.

ඉතිං  මවුපියන් මේව දැකල බය වෙනවා. ඔවුන් හිතනවා සමාජ මාධ්‍ය ජාලයකට ඇතුළු වූ ගමන් දරුවාට විශාදය හැදෙනවා කියා. මේ කතාවල පවතින්නේ මිත්‍යාවක්”

මෙසේ පවසන්නේ ටේලර්ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නව සමාජ මාධ්‍ය විශාදය ගෙන දෙන්නේ නැහැ..! | Lanka Newsweek