නව ව්‍යවස්ථාවක් සඳහා සජිත් කැමැත්ත දෙයි

සජිත්ගේ දේශපාලන සතිය කොළඹ ජානකී හෝටලයේ මේ සතියේ විශේෂ සාකච්ජාවක් පැවැත්වුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැනය. දේශපාලඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, ව්‍යවස්ථා විශාරදයින් සහභාගී වූ මෙම සාකච්ජාවේ…
සජිත්ගේ දේශපාලන සතිය
කොළඹ ජානකී හෝටලයේ මේ සතියේ විශේෂ සාකච්ජාවක් පැවැත්වුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැනය. දේශපාලඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, ව්‍යවස්ථා විශාරදයින් සහභාගී වූ මෙම සාකච්ජාවේ අරමුණ වී තිබුණේ රටට ගැලපෙන, නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ගැන සංවාදයක් ගොඩනගා ගැනීමය.
ආණ්ඩුවට, විපක්ෂයට, රටේ පිළිගත් ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින්ට මීට ආරාධනා කර තිබුණත් ආණ්ඩුව නියෝජනය කරමින් කිසිවෙකු පැමිණ සිටියේ නැත.

නව ව්‍යවස්ථාවක් සඳහා සජිත් කැමැත්ත දෙයි.
විපක්ෂය සහ සමගිය නියෝජනය කරමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත්, හර්ෂ ද සිල්වා සහ අජිත් පී. පෙරේරාත් සහභාගීවී සිටි අතර විපක්ෂයේ සෙසු පක්ෂ නියෝජනය කරමින්, රවී කරුණානායක, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, දයාසිරි ජයසේකර, එම්.ඒ. සුමන්තිරන්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, අනුර ප්‍රියදර්ශන, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, තලතා අතුකෝරළ, චරිත හේරත්, ප්‍රේමනාත් සී දොළවත්ත, කරු පරණවිතාන ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
දැන්වීම

මෙහිදී සජිත් හරි අපූරු කතාවක් කීවේය…

“අද ආණ්ඩුවේ කවුරුත් මෙතන නැති එක ගැන කණගාටුයි, ඒත් එයාල අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ජනවරමක් ඉල්ලුවා, අපිත් ඉල්ලුවා, මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ 194 පිටුවේ තියෙන්නේ, - නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමත්, එය මහජනයා හමුවට ඉදිරිපත් කර වෙනස් කම්වලට ලක් කිරීමටත්, ඉන් අනතුරුව ජනමත විචාරණයකට ගොස් සම්මත කර ගැනීමත් සිදුකරන්න වරමක් දෙන්න කියලා, දැන් ඉතිං විධායකයි, ව්‍යවස්ථා දායකයේ තුනෙන් දෙකකුයි එයාලට ලැබිලා තියෙනවා. දැන් මේක හරහා හිට්ලර් කෙනෙක් බිහිකරනවද? මැන්ඩෙලා කෙනෙක් බිහිකරනවද? කියන එක තමයි ආණ්ඩුවට තීරණය කරන්න තියෙන්නේ”

සභාවේ සිටි බොහෝ පිරිසක් කිව්වේ, සජිත් වචන දෙක, තුනෙන් ආණ්ඩුවට දුන්න ෂොට් එක සුළු පටු නැති බවය.
එම සාකච්ජාවෙන් පසු එළියට එන සජිත්ට මාධ්‍යවේදීන් මයික් එක දමමින් ඇසුවේ, ඔබ විධායකය ජනාධිපතිධූරය අහෝසි කරන්න කැමතිද ? යන්නය…
“රජයත් ලෑස්තීයි, එයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවනේ අපිත් ලෑස්තීයි”
මාධ්‍යවේදීන් යළිත් විමසුවේ, “ඒ කියන්නේ නව ව්‍යවස්ථාවක් ගේන්න කියලා ඔබලා බල කරනවාද?
“බලකරන්න දෙයක් නෑ ජනවරමක් ලැබිලා තියෙන්නේ. NPP ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව කියලා තියෙනවනේ ඒක, අපිත් කියලා තියෙනවා. ඒත් ඒක තනි පුද්ගල අවශ්‍යතා අනුව ක්‍රියාත්මක කළ යුතු දෙයක් නෙමෙයි, ජනතාවගේ අදහස් සහ දැනුවත්භාවය මත සිදුවිය යුතු ක්‍රියාවලියක්”

මේ නව ව්‍යවස්ථාවක් හදන කතිකාවට ආණ්ඩුව පැත්තෙන් අගමැති හරිනිටත්, සභානායක බිමල්ටත්, අධිකරණ ඇමති හර්ෂණටත් ආරාධනා කර තිබුනත් ඔවුන් කිසිවෙක් මේ අවස්ථාවට පැමිණ සිටියේ නැත.
නන්දනට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් ඉදිරියට ආ අමුත්තා
නන්දන ගුණතිලක දේහයට අවසන් ගෞරව දක්වන්න සජිත් ගොස් තිබුණේ සඳුදා උදෑසනමය.
නන්දනට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් ඉදිරියට ආ අමුත්තා
පානදුර නගර සභාව වෙත ගොස් සජිත් අවසන් ගෞරව දක්වන අතරතුර බිරිඳත් සමග එහි ආපු දොස්තර රාජිත සේනාරත්නත් එක්ක ටික වේලාවක් කතා කළ සජිත්, එම ස්ථානයෙන් එළියට ආවේ, රටේ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ පැනනැගී ඇති ගැටළු ගැන කලින් යොදාගත් සාකච්ජාවක් සඳහා කොළඹට පැමිණිමේ අරමුණින්ය.
සජිත් එම ස්ථානයෙන් පිටවන්නට වාහනයට ගොඩවනවාත් සමඟම එහි සිටි පුද්ගලයකු සජිත් ඉදිරියට පැමිණ දෑත් අල්ලා ගනිමින් කියූ කතාව ඉතා සංවේදී විය…
“ අනේ සර්ට පිං, අපේ නන්දන මහත්තයව ජීවත් කරවලා දෙන්න කරපු උදව්වලට, අපේ නගර සභාවම ඒ ගැන කතා වෙනවා. මම නන්දන මහත්තයා නගරාධිපතිකමේ ඉන්නකොට මේ නගර සභාවේ හිටපු සුළු සේවකයෙක්. සර්, නන්දන මහත්තයා කියන්නේ රත්තරං මහත්තයෙක්. අපි ගැන හැම වෙලාවෙම හෙව්ව බැලුවා. හැමදාම අපිට උදව් කළා, අපි වගේ පොඩි මිනිස්සු ගැන පපුව උණවෙන මිනිස්සු හරි අඩුයි. මම දන්නවා සරුත් එහෙම කෙනෙක්. නන්දන මහත්තයා කියන්නේ රත්තරං මනුස්සයෙක්. දැන් තමයි මේ පානදුරේ මිනිස්සුන්ට නන්දන මහත්තයාගේ හොඳ තේරෙන්නේ, අපි දකිනවා සරූත් පෙඩි මිනිස්සු වෙනුවෙන් උදව් කරන හැටි. මගේ එක දරුවෙක් යන්නේ වාද්දුව බාලිකාවට, අනිත් දෙන්න යන්නේ පානදුරේ උපාද්‍යය විද්‍යාලයට, ඒ දරුවෝ තුන් දෙනාම සර් ඒ ඉස්කොල දෙකට දීපු ස්මාට් පන්ති කාමර නිසා අද හොඳට කම්පියුටර් වැඩ දන්නවා. සර් අපේ දරුවෝ වෙනුවෙන් කරපු ඒ දේවල්වලටත් ගොඩක් පිං.”

එහෙම දීර්ඝ විස්තරයක් කරපු මනුස්සයට සවන්දීපු සජිත් පිටට තට්ටුවක් දමමින් කිව්වේ…” අයියෝ ඕව සුළු වැඩ, මම දරුවොන්ට ඉගෙන ගන්න උදව් කරන්න හරිම ආසයි, දරුවෝ ඉගෙනගෙන මේ රටට සේවය කරන්න නම් අපි ඒ අයට හොඳ අධ්‍යාපනයක් වගේම, නිවැරදි අධ්‍යාපනයක් දෙන්න ඕන. අපි ඒක කරමු.” කියමින් සජිත් තමන්ගේ වාහනයට ගොඩවිය.
ආණ්ඩුව සෞඛ්‍ය මරන බව කියමින් සෞඛ්‍ය වෘත්තිකයින් සජිත් හමුවෙයි
නන්දන ගුණතිලකගේ අවමංල්‍යයට සහභාගීවීමට පානදුරේ ගිය සජිත් ප්‍රේමදාස කෙළින්ම විපක්ෂ නායක කාර්යාලයට පැමිණ තිබුණේ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ වෘත්තීය සමිති සහ වෛද්‍ය විශේෂඥයින් පිරිසක් හමුවන්නටය.
ඒ සෞඛ්‍ය පද්ධතියේ ඇතිවී ඇති බරපතල තත්ත්වය සහ වෘත්තීය සමිති මුහුණදෙන ගැටළු ගැන සාකච්ජා කිරීම සඳහාය.
ආණ්ඩුව සෞඛ්‍ය මරන බව කියමින් සෞඛ්‍ය වෘත්තිකයින් සජිත් හමුවෙයි.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය 23 වනදා සිට දීපව්‍යාප්තව සිදුකරන්නට යන වෘත්තීය ක්‍රියාමාර්ගය අස්සේ විපක්ෂ නායක සජිත් කැඳවූ මේ හදිසි රැස්වීම ගැන සෞඛ්‍ය කේෂ්ත්‍රයේත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේත් වැඩි අවධානයක් යොමුව ඇති බව පෙනෙන්නට තිබේ.
මේ රැස්වීමෙන් පස්සේ එළියට ආපු රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස, විපක්ෂ නායක සජිත්ට ලොකු කෙඩිට් එකක් දුන්නේය…,
“ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ගැටළු ඇතිවූ හැම අවස්ථාවකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ වෙනුවෙන් හඬ නගනවා, ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා, මේ මොහොතේ සෞඛ්‍ය පද්ධතියේ තියෙන බරපතල කඩාවැටීමට එරෙහිවත්, වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටළු ගැනත් එතුමා එක්ක සාකච්ජා කළා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ හමුවෙදී එකඟවුනා, සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සියළුම පාර්ශව සම්බන්ධ කරගනිමින් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන්න. ඒක ඉතාම වැදගත්, ඒක අනිත් අයටත්, රටටත් හොඳ ආදර්ශයක්”

අලුත් සරසවි පනතට සජිත්ගෙන් චෝදනා
විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් එහි විධිවිධාන ක්‍රියාත්මක වන තෙක් පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම නවතන ලෙස නියෝගයක් ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ, අධ්‍යාපනය පිළිබඳ ආංශික කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.
“ විශ්වවිද්‍යාල පනත සංශෝධන කරන්න, හැබැයි ඒ හරහා විශ්වවිද්‍යාලවල ගෞරවයත්, ශාස්ත්‍රාලීය සිතීමේ සහ අදහස් පළ කිරීමේ නිදහසටත් බාධා කිරීමක් සිදු කරන්න බැහැ”
අලුත් සරසවි පනතට සජිත්ගෙන් චෝදනා.
සාකච්ජාවෙන් පසු සජිත් ඉදිරියට පැමිණි, මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ සහ ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් පැවසුවේ…
“ ඔබතුමා මතු කරපු කාරණය ඉතාම බරපතලයි, අද විශ්වවිද්‍යාලවල අංශාධිපතිවරු, පීඨාධිපතිවරු පත් කිරීම දේශපාලනීකරණය කරලා. උපකුලපති, කුලපති පත්කිරීම සාමාන්‍යයි කියමුකෝ, ඒත් පීඨාධිපතිවරු, අංශාධිපතිවරු පත් කිරීම, කවදාවත් දේශපාලනීකරණය වුණේ නෑ. මේක මහා බරපතල තත්ත්වයක්, අද සුදුසුකම් ඇති බොහෝ අය මේ ගැන කළකිරිලා ඉන්නේ”
මහාචාර්ය ප්‍රසන්න සහ මන්ත්‍රී චිත්‍රාල් හදිසියේ සජිත්ගේ ගුණ වයයි
සජිත් ප්‍රේමදාස යනු ගැටළු කලින් හඳුනාගෙන ඒවාට ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කළ හැකි නායකයෙකු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසුවේ, කොළඹ තිබුණු මාධ්‍ය හමුවකදීය.
මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
“සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ජනතාවගේ ගැටළු කළින් හඳුනා ගැනීමට හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයෙක්. ඇයි මම එහෙම කියන්නේ, විපක්ෂ නායකවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වූ සාකච්ඡාවක් මට මතකයි, මමත් ඒකට සහභාගී වුනා, සජිත් ඒ සාකච්ජාවෙදී තර්ක කළේ සහ අවධාරණය කළේ, සාමාන්‍ය වැඩකරන ජනතාවගේ EPF සහ ETF අරමුදල් ආරක්ෂා කරගැනීම ගැන. ඔහු ඉතා නිර්භීතව ඒ වෙනුවෙන් පෙනී හිටියා.”
මහාචාර්යවරයා මෙහිදී අනාවරණය කළේ…,
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බැඳුම්කර හිමියන්ට වඩා සාමාන්‍ය ජනතාවගේ අරමුදල්වලට වැඩි බලපෑමක් එල්ල වීම වැළැක්වීමට සජිත් තාර්කිකව කරුණු ඉදිරිපත් කළ බවත්, ජනවරමක් ලැබුණු දිනෙක, මෙම ගිවිසුම් යළි සාකච්ඡා කිරීමට සජිත් කළ යෝජනාවට, IMF නියෝජිතයන් පවා එකඟ වූ බවය.
සජිත්ගේ දේශපාලන ක්‍රියාවලිය තුළ ඇති මානුෂීය සහ බුද්ධිමය පැතිකඩ ගැන රටේ ජනතාව නිසි ලෙස දැනුවත් වී නොමැති බව පැවසූ මහාචාර්යවරයා සිහිපත් කළේ, සජිත් එදා සනීපාරක්ෂක තුවා ලබාදිය යුතු බව කියූ අවස්ථාවේදීත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමුවන ලෙස කියූ අවස්ථාවේදීත් ඔහුව සමච්චලයට ලක් කළත්, අද වන විට ඒවායේ සත්‍යතාව සමාජය පිළිගෙන ඇති බවය.
සමගියේ මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දුද, විපක්ෂ නායක සජිත් ගැන අලුත් කතාවක් කිව්වේ පසුගිය දා මාධ්‍ය හමුවකට සහභාගීවෙමින්ය.

''දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සමාලෝචනයකට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් එය එදා පිළිනොගත් ආණ්ඩුව දැන් එය ක්‍රියාත්මක කරන්න සුදානම් වෙනවා. ඒ වගේම ආධාරක සමුළුවක් පවත්වන බවත් ආණ්ඩුව කියනවා. එදා සජිත් ඒ ගැන කතා කරන විට, එවැන්නක් අවශ්‍ය නැති බව ආණ්ඩුව ප්‍රකාශ කළා. සජිත් ප්‍රේමදාස පාසල්වලට සුහුරු පන්තිකාමර ලබාදීමේ දී ආණ්ඩුවේ පිරිස් හිනා වුණා.”
චිත්‍රාල් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කිව්වේ අද අපි ගමට ගියහම අපිට ජන්දය නොදුන් ජනතාවත් කියන්නේ සජිත් මහත්තයා කියපු දේ දැන් හරි බව ඔප්පුවෙමින් යන බවය.
නිතිපති වෙනුවෙන් සජිත් පෙරමුණ ගනී
නීතිපතිවරයාගේ රාජකාරි ඉලක්ක කරගනිමින් සෘජුව හා වක්‍රව සංවිධානාත්මක ලෙස චෝදනා රැල්ලක් ගොඩනගමින් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
නීතිපතිවරයාගේ ස්වාධිනත්වය වෙනුවෙන් පෙනී සිටින අයට පහර ගැසීමත්, අධිකරණ ඇමතිවරයාට පහර ගැසීමත් සමාජ මාධ්‍ය තුළ දකින්නට ලැබෙන නිසා එවැනි ප්‍රචාරයන් සිදු කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් සොයා බැලීම ආණ්ඩුවක වගකීමක් බවත් විපක්ෂ නායක සජිත් අවධාරණය කළේ සිකුරාද පාර්ලිමේන්තුව අමතමින්ය.



