අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව පොලිස්පති ලලිත් පතිනායක ?

නව පොලිස්පති ලලිත් පතිනායක ?

දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු ඇතැයි පොලිස්…


දේශබන්දු තෙන්නකෝන් මහතා  සම්බන්ධයෙන්   ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය  හේතුවෙන්  පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු  ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස සැලකෙන්නේ පතිනායක මහතාය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එරෙහිව එල්ල වූ චෝදනාවලින් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්   පත් කෙරුණු විනිසුරු මඩුල්ලක්   ඔහු  පසුගියදා  නිදහස් කොට නිදහස්  කළේය.

දැන්වීම

පොලිස් කොමිසම ඒ බව පොලිස් මූලස්ථානයටද   නිල වශයෙන් දැනුම්දී ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති ලලිත් පතිනායක මහතා මිද්දෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ ආදි  සිසුවෙකි.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඊට  පසු ජේ්‍යෂ්ඨත්වයෙන් ඉහළින්ම  සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්  වන්නේ ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, දමින්ද ශ්‍රී රාජිත,  කිත්සිරි ජයලත්,   රන්මල් කොඩිතුවක්කු සහ අජිත් රෝහණ  යන මහත්වරු වෙති

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න