අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව ආණ්ඩුවේ පළමු ආරක්ෂක කවුන්සිලය අද

නව ආණ්ඩුවේ පළමු ආරක්ෂක කවුන්සිලය අද

නව ආණ්ඩුව යටතේ ආරක්ෂක කවුන්සිලය පළමු වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අඟහරුවාදා (26)රැස් වීමට නියමිත බව වාර්තා වේ. අග‍්‍රාමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක…

නව ආණ්ඩුව යටතේ ආරක්ෂක කවුන්සිලය පළමු වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අඟහරුවාදා (26)රැස් වීමට නියමිත බව වාර්තා වේ.

අග‍්‍රාමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, වැඩ බලන පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා ද ඇතුළු අදාළ තවත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැත්වේ.

ඉකුත් ආණ්ඩුව සමයේ ආරක්ෂක කවුන්සිලය විධිමත්ව රැස් නොවූ බවට සහ සකී‍්‍රයව තීරණ නොගත් බවට චෝදනා එල්ල වූ අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඍජුව වගකීමක් නොදරන අමාත්‍යවරුන් හෝ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ද ආරක්ෂක කවුන්සිලයට සහභාගී කරවා ගැනීම සම්බන්ධවද ඉකුත් ආණ්ඩුවට චෝදනා එල්ල විය.

අවසන් වරට ආරක්ෂක කවුන්සිලය රැස්වී ඇත්තේ ඉකුත් ඔක්තෝම්බර් මස 31 වැනිදා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නව ආණ්ඩුවේ පළමු ආරක්ෂක කවුන්සිලය අද | Lanka Newsweek