නවීන් දේශ කීර්ති සහ ශාසනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ප්‍රධාන කාරක මහා සංඝ සභාවේ ඒකමතික තීන්දුවක් සම්බුද්ධ ශාසනය සහ මනුෂ්‍ය සමාජය වෙනුවෙන් ඉටු කළ සහ ඉටු කරමින් සිටින විශිෂ්ඨ සේවාව වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා…
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ප්‍රධාන කාරක මහා සංඝ සභාවේ ඒකමතික තීන්දුවක්

සම්බුද්ධ ශාසනය සහ මනුෂ්‍ය සමාජය වෙනුවෙන් ඉටු කළ සහ ඉටු කරමින් සිටින විශිෂ්ඨ සේවාව වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් සබරගමු පළාත් ආණ්ඩුකාර අධි නීතීඥ නවීන් දිසානායක මහතා වෙත "දේශ කීර්ති" සහ "ශ්‍රී ශාසනාභිමානී" යන ගෞරව සම්මාන පුද කරනු ලැබීය.
ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 2024 ජනවාරි 29 දින පැවැත්වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 161 වැනි නිකාය දින සැමරුම් මහෝත්සවයේ දී වන අතර මහා සංඝරත්නයේ ආශිර්වාද මැද නවීන් දිසානායක මහතා වෙත එම ගෞරව සම්මානය පුද කරනු ලැබුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය මකූලෑවේ විමල මහා නායක හිමිපාණන්ගේ සුරතිනි.
දැන්වීම
නවීන් දිසානායක මහතාගේ ශාසනික සහ සමාජ මෙහෙවර වෙනුවෙන් ඔහු වෙත මෙම ගෞරව සම්මානය පුද කෙරුණේ මහා විහාර වංශීක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය මකූලෑවේ විමල මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාවේ ඒකමතික තීන්දුවට අනුවය.
මෙම අවස්ථාවට හිටපු කතා නායක කරු ජයසුරිය, අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද වීරසූරිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් ඇතුළු ගිහි පැවැදි විශාල පිරිසක් සහභාගි වූහ.
