අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නලින්ද තවත් බිල්ලක් අරන්..?

නලින්ද තවත් බිල්ලක් අරන්..?

තත්ත්වයෙන් බාල වීම මත භාවිතාවෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රතිජීවක ඖෂධයක් යළි භාවිතාවකට එකිරීමට තීරණය කිරීමෙන් අනතුරුව අදාල ඖෂධය ලබාදීමෙන් පසු සිදු වූ දැඩි සංකූලතාවයන් සමග අනුරාධපුර…

තත්ත්වයෙන් බාල වීම මත භාවිතාවෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රතිජීවක ඖෂධයක් යළි භාවිතාවකට එකිරීමට තීරණය කිරීමෙන් අනතුරුව අදාල ඖෂධය ලබාදීමෙන් පසු සිදු වූ දැඩි සංකූලතාවයන් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළ රෝහල ආශ්‍රිතව තරුණ මවකගේ මරණයක් සිදුවී ඇති බව වාර්තාවේ.

අදාළ ඖෂධයේ ආසාත්මක ප්‍රතික්‍රියා මත හෝ ඖෂධය කල්ලිකුත් වීම මත හෝ මෙම මරණය සිදුවන්නට ඇති බවට මියගිය කාන්තාවගේ සැමියා මාධ්‍යයට අදහස් දක්වා ඇත. අධිකරණ වෛද්‍ය විද්‍යා වාර්තාව අනුව මෙම මරණය තමන්ට සැක සහිත බව ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඖෂධ සමාගමක් මගින් මෙම ඖෂධය නිෂ්පාදනය කරන අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ඖෂධය නිසා සැක සහිත මරණ සිදුවූ බවට හා දැඩි ආසාත්මික ප්‍රතික්‍රියා සිදුවූ බවට වූ වාර්තා මත ඖෂධය භාවිතාවෙන් ඉවත් කොට තිබින.

දැන්වීම

ඉන් අනතුරුව යළි මෙම ඖෂධය භාවිතා කිරීමට අවසර ලබාදී තිබිණි.එම අවස්ථාවේදී ද මෙම ඖෂධ යළි භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති විය.මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මියගියත් කාන්තාවගේ සැමියා ඉල්ලා සිටි.

මෙම ඖෂධය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට භාවිතාවෙන් තාවකාලික ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් මේකකයේ උපදෙස් ලබා දී ඇති බව ජාතික රෝහලේ තොරතුරු පද්ධතිය පෙන්වා දෙයි.

පුවතක්,

■ රටේ රාළගේ සටහන.

හාවිතාවෙන් අයින් කරපු මේ බෙහෙත නැවත පාවිචියට ගන්න අවසර දුන්නේ කවුද?

ඒ අවසර දුන්නේ කුමන හේතුවකටද?

ඒ බෙහෙත භාවිතා කරලා ආපහු මරණයක් සිද්ධවුන බවට චෝදනාවක් තියනවා.

දැන් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඒ ඖෂධය භාවිතාවෙන් ඉවත් කරලා.

දැන් ඉතාම පැහැදිලියි මෙයාලා ඖෂධවල ගුණ අගුණ පරීක්ෂා කරන්නේ ලෙඩාට දීලා.

ඇත්තටම ලෙඩෙක් රොහලට එන්නේ තමන්ට වැලදිලා තියන රෝගය සුවකරගෙන යන්න.

හැබැයි දැන් ලෙඩා බෙහෙතක ගුණ අගුණ පරීක්ෂාවට යොදාගන්න විද්‍යාගාරයක මියෙක් ගාණට වැටිලා.

දැන් ලෙඩවෙලා ගෙදර හිටියොත් විදවලා මැරෙනවා.

ඉස්පිරිතාලේ ගියොත් ක්ෂණික මැරෙනවා.

අපේ රටේ ජනතාවට නලින්ද ඔය දෙකෙන් එකක් තොරගන්න අවස්ථාව දීලා තියනවා.

දැන් අපි තීරණය කරන්න ඕනි මේ ආණ්ඩුව තියාගෙන අපි මැරෙනවද,නැත්තං ආණ්ඩුව එලවලා ජීවත් වෙනවා කියලා.

- RRMC -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න